April 28, 2024

කොරෝනාවෙන් ලාභ ලබපු හැටි ජනපති ඉදිරියේ ධම්මික කියයි (VIDEO)

February 22, 2022

කොවිඩ් වසංගතය නිසි ආකාරයෙන් පාලනය කිරීම හේතුවෙන් ලාභ ලබා ගැනීමට හැකි වූ බව ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.

එලෙස කොරෝනා පාලනය නොකලා නම් කිසිම ආයතනයකට ලාභ ලැබීමට හැකියාවක් නැති බවද සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදිය.

අනෙක් රටවල් නිසි ආකාරයට කොරෝනා පාලනය නොකල නිසා බොහෝ රටවල ඇනවුම් මෙරටට හිමි වූ බවද අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 February 2022 19:22