April 27, 2024

"හැමෝම කියන විදිහට රට දුවන්න බෑ" - ධම්මික පෙරේරා කෙළින්ම කියයි

September 10, 2021

මේවන විට මෙරට උද්ධමනය වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ජූලි මාසයේ උද්ධමනය සියයට 5.7ක් ලෙසත් එය අගෝස්තු මාසයේ සියයට 6ක් ලෙසත් ඉහළ ගොස් තිබෙන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව උද්ධමනය සියයට 0.3 කින් ඉහල ගොස් තිබෙන බව පෙනී යන කාරණයක්. මෙම උද්ධමනය ඉහල යාම සාමන්‍ය ජනතාවට දැඩිව බලපෑ ඇති බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි.

ටැක්ස් ගැන අවධානය

ඒ සම්බන්ධයෙන් ඊයේ දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදී මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා අදහස් දක්වා තිබුණා.

ඔහු පෙන්වා දුන්නේ අමෙරිනානු ඩොලරයේ අගය ඉහළ යෑම ගැන අනවශ්‍ය ලෙස කලබලවීමෙන් රටේ ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳෙන බවයි.  

කොවිඩ් වසංගතයත් එක්ක ආණ්ඩුවේ ආදායම අඩු බවත් එනිසා ආණ්ඩුවට ආදායම හදන්න අවශ්‍ය ව ඇති බවත් පෙන්වා දෙන ධම්මික පෙරේරා මහතා එසේ වුවහොත් කළ යුතුව ඇත්තේ ටැක්ස් සිස්ටම් එකෙන්ම ආදායම එකතු කර ගැනීම බව කියා සිටියා.

මම ඇවිල්ලා සර්ජන් නේ

එහි එක මූලික කරුණක් වන්නේ මෙවැනි අවස්ථාවක සෑම භාණ්ඩයකින්ම සියයට 2ක්, 3ක් වගේ කොවිඩ් ටැක්ස් එකක් ලබා ගැනීම බවත් කොවිඩ් තියෙනකම් ඒක පාඩු වැඩක් බවත් ඔහු සඳහන් කළා.

"මම ඇවිල්ලා සර්ජන් නේ, ඉතින් කපනකොට කොහොමත් රිදෙනවා. රිදුනට මම කපන එක්කෙනා. එහෙම ගන්නේ නැතුව රජයකට ආරක්ෂාවෙන්න බෑ." යනුවෙන්ද පෙරේරා මහතා කියා සිටියා.

"ඩොලර් රට ඇතුළට එන්නේ කොමොහද?.. සංචාරකයෝ එන්න ඔනේ. නැත්නම් විදේශගතව වැඩ කරපු අයගේ ඒවා එන්න ඕනේ. ඩොලරයේ මිල රුපියල් 235යි 240යි කිව්වාම මේකෙ ඇතුළෙ ඉන්න ඔක්කොම මිනිස්සු එකතු වෙලා නටනවා දැන් ඩොලර් එක 235යි කියලා. එහෙම නටලා රටේ තියෙන විශ්වාසය බිඳපු ගමන් මේක අතනට දුවනවා. ඔය හැමෝම කියන විදිහට රටවල් දුවන්න බෑ. රට දුවන්න අනිවාර්යයෙන්ම මේක 203, 205 ලෙවල් එකේ තියාගන්න ඕනේ. මම පුද්ගලිකව එක්ස්පෝට් කරන එක ඇත්ත. මෙහෙම ආවොත් මට ලාභ වෙන එකත් ඇත්ත. හැබැයි මේ පුටුවේ ඉඳගෙන මම රට ගැන කතා කරනවා නම් ඒ ඩොලර් ගැන ඒ විදිහට කතාකරන්න බෑ. මේක කතා කරන්න ඕනේ රට පැත්තෙන්." යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



Rate this item
(1 Vote)
Last modified on Friday, 10 September 2021 12:46