May 06, 2024

"එදා මං කියපු දේ ඇහුවා නම්" අතුරුදහන් වුණු ඉරාජ් ගැන පේශල දීපූ ඉඟිය

මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන සිටි ගීත රචකයෙකු, සංගීත නිර්මාණ ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ද වන ඉරාජ් වීරරත්න මේ වන සමාජ මාධ්‍ය තුළ අතුදරුහන්ව තිබෙනවා.

දැඩි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඉරාජ් වීරරත්නට අයත ඔහුගේ නිල ෆේස්බුක් පිටු දෙකත් මේ වන විට එම සමාජ මාධ්‍ය තුළ දැකගන්නට හැකියාවක් ලැබී නැහැ.

ඔහුට කුමක් සිදුවුණාද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා නිර්මාණය වෙමින් තිබෙන අතරේ ඉරාජ් වීරරත්නගේ ළඟම මිතුරෙකු වූ පේශල මනෝජ් විසින් ෆේ්ස්බුක් සටහනක් තබා තිබුණා.

එහිදී ඔහු විසින් කියා තිබුණේ "මොනවා වුණත් හොඳ යාළුවෙක්, එදා මං කිවුව දේවල් ඇහුවනම්"

එම ෆේස්බුක් සටහන,

කෙසේ වෙතත් පසුව තවත් ෆේස්බුක් සටහනක් තබමින් පේශල පවසා තිබුණේ තමන් එම සටහන හුදෙක් විනෝදාස්වාදය තබා තැබූ එකක් බවත්, එය බරපතළ ලෙස නොසිතන ලෙසයි.

මීට පෙරද ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් ගිනුම ෆේස්බුක් ආයතනයෙන් අවහිර කර තිබුණු අතර පසුව ඔහු විසින් එය නැවත ලබාගැනීමට කටයුතු කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 August 2021 12:41

Related items