May 01, 2024

ඉරාජ්ට කනට ගහන්න ලඟකදී හම්බ වූනේ නැහැනේ: යෝෂිතගෙන් ප්‍රතිචාර

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතාට යෝෂිත රාජපක්ෂ මහතා කනේ පහරක් ගැසූ බව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රිය ප්‍රවෘත්තියක්.

ඒ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මගේ හිතවතෙක් නෙවෙයි

තමන් ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නට කනට ගැහුවෙ නැති බවයි යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ.

ඉරාජ් වීරරත්න මහතා සමග තමන්ට සමීප සබඳකමක් නොතිබූ බවත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

තමන්ට ඔහුව අවසාන වතාවට දුටුවේ මීට කලකට පෙර පැවැති උත්සවයකදී බවයි යෝෂිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පුවත්පතට දැක්වූ ප්‍රතිචාරය

යෝෂිත රාජපක්ෂ මහතා මේ කරුණු හෙළිදරව් කළේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූයේ තමන් ඔහුට දුන් කනේ පහරක් නිසා බවට සමාජ මාධ්‍ය වල යන ප්‍රචාරයට පිළිතුරු ලෙසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මේ බැව් සඳහන් කර තිබෙන්නේ ඩේලි මිරර් පුවත් පතට.

ඉරාජ් වීරරත්න මහතා මේ වන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ දැරූ අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් යෝෂිත රාජපක්ෂ මහතාගේ සොහොයුරා වන විෂය භාර ඇමති නාමල් රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 26 August 2021 14:32

Related items