May 01, 2024

හැමදේම අතහැරලා මහණ දිවියට යන්න හදන ඉරාජ් වීරරත්න කියන කතාව

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් තමයි ඉරාජ් වීරරත්න කියලා කියන්නේ. ඊට හේතුව තමයි රාජපක්ෂ පවුලෙන් තමන්ගේ ගෙදර හිටපු මේ මනුස්සයට කනේ පාරක් ගැහුවා කියන කතාව. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න පහුගිය දවසක යූ ටියුබ් නාලිකාවක් ඉරාජ්ව සම්මුඛ සාකච්චාවකට එකතු කරගෙන තිබුණා. ඉතින් එහිදී ඉරාජ් මේ කතාව ගැන කියලා තිබුනේ මේ වගේ කතාවකුයි.

ඇත්තටම ඕක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. ” ඒක අපේ අපේ මේ සියයට තුන කණ්ඩායම විසින් හදපු ෆේක් නිවුස් එකක්. ඉතින් මම මේ ගැන නාමල් එක්ක එහෙමත් කතා කළා. ඇත්තටම එයාලත් හිනාවෙනවා. එහෙම ගහගෙන රණ්ඩුවෙන වයසක නෙමෙයිනේ අපි කවුරුත් දැන් ඉන්නේ. එයාලා බැඳලා වයිෆ්ලත් එක්ක ගෙදරට වෙලා ඉන්නේ නිදහසේ. ඉතින් ඒ වගේම මට යෝෂිත රාජපක්ෂ තුන් හතර පාරක් හම්බ වෙලා ඇති. ඊට වඩානම් හම්බ වෙලා නැහැ. මම එහෙම ඔහුව ලොකුවට අදුරන්නෙත් නැහැ. නාමල් රාජපක්ෂත් එක්ක වැඩ කරලා තියනවා ගොඩක් දේවල් එක්ක” කියලයි.

මම ජාතික තරුණ සේවා සභාවෙන් ඉල්ලා අස්වෙන්නත් හේතු ගොඩක් තියෙනවා කියන ඉරාජ් කියන්නේ ගිය ජනාධිපතිවරණයේදී මම ගෝටාබය රාජපක්ෂ මහතා ගේන්න වැඩක් කළා කියලයි. ඒ වෙලාවේ රටේ අවශ්‍යතාවය වෙලා තිබුනේ ඒක.ඉතින් එතනින් එහාට 225ටම වග කියන්න මට බැහැ. ඇත්තටම දැන් අවුලක් තියනවා.

මම ඒක නැහැ කියන්නේ නැහැ. මම පෙනී සිටියේ ජනාධිපති තුමා වෙනුවෙන් මිසක් ආණ්ඩුව වෙනුවෙන් නෙවෙයි. ආණ්ඩුව වෙනුවෙන් මට පෙනීසිටින්න බැහැ කියන ඔහු කියන්නේ මේ රටේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක් තියනවා. ඒ වගේම මේ රටේ නිලධාරීන් පට්ට දූෂිතයි කියමින් ඔහු කියන්නේ මේ තියන දූෂිත සිස්ටම් එක ඕනම නායකයෙකුට එක පාර වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලයි

කොහොමහරි ඉතින් ඔහු කියන්නේ මම දැන් උමන්දාවට යනවා එනවා වැඩි කියල ගොඩක් අය මගෙන් අහනවා මහන වෙන්නද හදන්නේ කියලා. හැබැයි ඉතින් කවදා හරි මේ ඔක්කොම එපා වෙලා මහණ වුනත් ඒකත් හොදයි නේද කියමින් ඔහු කියන්නේ මේ යන විදිහට එකත් වෙයිද කියලා කියන්නත් බැහැ හැබැයි කියලයි.

ඉතින් එලෙස අදහස් දක්වපු ඔහු විවාහය ගැන කියලා තිබුනේ මෙහෙම කතාවකුයි ” මම විවාහ නොවෙන්න හේතුව ඇත්තටම මගේ යාලුවෝ මාර විදිහටනේ ඩිවෝස් වෙන්නේ. ඇත්තටම මම නිදහසේ ඉන්න ආස කෙනෙක්. මම ආතල් එකේ සිංදුවක් හදාගෙන ගේම් එකක් ගහගෙන, වැඩටිකක් කරගෙන අතල් එකේ ජීවිතේ ගෙවනවා” කියලයි.

ඉතින් පොලිටිකල් පැත්තෙන් සත පහක්වත් අරන් නැහැ කියන ඔහු කියන්නේ මම ඇත්තටම චන්දේ දවස්වල ජනාදිපතිතුමන්ගේ කමර්ෂල් එහෙම කරා මගේ ඉරාජ් ප්‍රඩක්ෂන් ආයතනයෙන් කියලයි. ඉතින් අපිට අයිතයක් තියෙනවා තමන්ගේ ආයතනයෙන් ඕනෑම කෙනෙක්ගේ ප්‍රඩක්ෂන් එකක් කරන්න. ඇත්තටම මම පෞද්ගලිකව අනිත් පක්ෂත් එක්ක වැඩ කරන්න කැමති නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුනේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 August 2021 21:12