May 06, 2024

ඉරාජ් වීරරත්න අතුරුදහන් වෙයි!

මෙරට ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම, ගායකයෙකු සහ සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් ගිනුම අතුරුදහන් වී තිබෙනවා.

ඒ අනුව ඔහු නමින් තිබූ “Iraj Weeraratne” සහ “ඉරාජ්” කියන ෆේස්බුක් පිටු දෙකම මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ දැකගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මීට පෙරද ඔහුගේ ෆේස්බුක් පිටුවක් ෆේස්බුක් ආයතනයෙන් තහනමකට ලක් කර තිබුණත් පසුව ඔහු එය ලබාගැනීමට කටයුතු කර තිබුණා.

මෙලෙස ඔහුගේ ෆේස්බුක් ගිනුම අතුරුදහන් වීමට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

අප ඔහුගේ නිල ට්විටර් ගිනුම සහ ඉන්ස්ටග්‍රෑම් ගිනුම්වල මේ පිළිබඳව සටහනක් තබා තිබෙනවාද බැලුවත් එලෙස කිසිදු සටහනක් නැහැ.

Rate this item
(8 votes)
Last modified on Tuesday, 24 August 2021 08:42

Related items