May 02, 2024

"බොරු දේවල් කියලා සමහර මාධ්‍ය තාත්තවයි, මාවයි නැති කරලා දැම්මා "- නදීමාල් පෙරේරා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි නදීමාල් පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ කවුරුත් ආදරය කරන ප්‍රවීන ගායන ශිල්පියෙක් වන අමල් පෙරේරාගේ පුතනුවන් වන්නේද ඔහුයි. කොහොම නමුත් මේ දක්ෂ ගායන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මට ආදරය ලබා දෙන රසික පිරිසක් ලබන්න මම මොකක් හරි පෙර පිනක් කරලා ඇති. මට පාසල් කාලේ යාළුවෝ, කලා පවුල්වල යාළුවෝ වගේ ගොඩක් යාළුවෝ ඉන්නවා. නිසල් ෆර්නෑන්ඩු අපේ ගෙදර ගොඩක් වෙලාවට ඉන්න යාළුවෙක්. ඔහු එක්ක තමයි මම හැමදේම කියන්නේ. අපි දෙන්නා තමයි නිතරම කතා කරන්න හමුවෙන්නේ.

මම යාළුවෝ කියලා හිතන් හිටපු අය ගොඩක් හිටියා. නමුත් පස්සේ ඇත්තම යාළුවෝ කවුද කියලා මම තේරුම් ගත්තා. මම අදටත් කා එක්කවත් තරහක් නැහැ. හැමෝම එක්ක මම කතා කරනවා. ඒ කවුරුවත් කිසිම දෙයකට පලි නැහැ. අපේ ජීවිතේ හැමදේම තාවකාලිකයි. අපිට කවදා හරි හැමදේම අතහරින්න වෙනවා. ඒ නිසා මම කා ගැනවත් තරහක් වෛරයක් ඇති කරගන්නේ නැතුව මගේ ගමන යනවා. කොහොම වුණත් මගේ යාළුවෝ සෑහෙන පිරිසක් මාත් එක්ක හිටියා. හැම මොහොතකින්ම හැම කෙනෙක්ගෙන්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපි කවුරුවත් දැන දැන වැරදි කරන්නෙ නැහැනේ. අපි කලාකරුවෝ. අපි ඉන්න ක්ෂේත්‍රය ඇතුළේ මිනිසුන්ව පෙරළා ආශ්‍රය කරන්න බැහැ. අපි ජීවත් වෙන්නේ මිනිසුන්ගේ ආදරය නිසා. මිනිස්සු කියන්නේ මොකක්ද, කරන්නේ මොකක්ද කියන එක ඒ මිනිසුන්ගේ පෞද්ගලික දෙයක්. අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. කලාවට ආදරය කරන තැනේදී යකෙක්ව වුණත් සින්දුවක් කියලා සතුටු කරන්න තියෙන්නේ. අපි ඉපදිලා තියෙන්නේ ඒක කරන්න. අපිට ඉදිරියට මොනවා වෙයිද කියන්න බැහැ. කොහොම වුණත් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ කියලා දැන් දන්නවා.

කලා ශිල්පීන්ට රසික ආදරය ලැබෙනවා වගේම අනෙක් පැත්තෙන් මඩ, විවේචන වලට මුහුණ දෙන්නත් වෙනවා. මුල් කාලේ ඒ දේවල් හිසරදයක්. මගේ පවුලේ අය, අපිව ළඟින්ම ඇසුරු කරන අය දන්නවා අපි කාටවත් වැරදි කරන අය නෙවෙයි කියලා. අපි අහිංසකව අපේ දේ කරගෙන පාඩුවේ ජීවත් වෙන්නේ. මිනිස්සු නොදැනුවත්කමට අපිට මඩ ගහන්න පුළුවන්. තව කෙනෙක් කියන දෙයක් අහලා අපිට දේවල් කියන්න පුළුවන්. බොරු දේවල් කියලා සමහර මාධ්‍ය තාත්තවයි, මාවයි නැති කරලා දැම්මා.

ඒ කියපු දේවල් ඇත්ත නම් මමයි, තාත්තයි මෙහෙම එළියේ ඉන්න විදිහක් නැහැ. එහෙනම් අපි ලංකාව ඇතුළේ කූඩුවක ඉන්න ඕනේ. කවුරු හරි දෙයක් කියද්දි හොයලා බලලා කියන්න ඕනේ. මිනිස්සුන්ගේ ස්වභාවය මට දැන් හුරුයි. මට දැන් ප්‍රශ්නයක් නැහැ. මම වැරදි නැති තැන මම කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. වැරදි නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. මම ලොකුවට ඉදිරිය සැලසුම් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි යම් තාක් දුරකට දේවල් සැලසුම් කරනවා. මේ අවුරුද්දේ තව ගීත දෙකක් රිලීස් කරන්න තියෙනවා. මගේ point five බෑන්ඩ් එකෙත් වැඩ කරගෙන යනවා. බෑන්ඩ් එකටත් දැන් වැඩ ලැබෙනවා. ඒ නිසා හැමදේම සමබර කරගෙන වැඩ කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම දෙවියන්ගේ පිහිටෙන් ආයෙත් මට අර සිද්ධ වුණා වගේ දෙයකට මුහුණ දෙන්නෙ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 23 August 2021 20:33