September 20, 2019

මාධ්‍ය ඉදිරියේ කිසිවක් නොපැවසූ නදීමාල් සංවේදී ෆේස්බුක් සටහනක් තබයි

නව පරපුරේ ගායක නදීමාල් පෙරේරා ගැන තවමත් හැමෝම වගේ කතාවෙනවා.

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු නදීමාල් පසුගියදා ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණා.

මාධ්‍ය ඉදිරියේ කිසිවක් නොපැවසූ නදීමාල් සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

පටන් ගන්න ඕනේ කොතනින්ද කියලා හිතාගන්න අමාරුයි. කොච්චර අමාරුවක වැටුනත් මට මේ තරම් ආදරේ කරන අය ඉන්නවා ද කියලා දකිද්දි දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. ඉතින් විශේෂයෙන් Nisal Fernando Dilshika Weerasuriya Sanuka Wicky Sajitha Anuththara Anthony Kaushan Wijesuriya Evanda Vithanage Dilmin Perera Praveen Gunaratne Kashon Fernando ඇතුලු මගේ යාලුවන්ට, මගේ band එකේ සහෝදරයින්ට, මගේ නෑදෑයින්ට, මං සහ මගේ තාත්තා වෙනුවෙන් දෙවියන්ට භාර වුණු අයට, අපිව බලන්න ලැබෙන විනාඩි 10ට හරි ලංකාවේ ඉදන් ticket දාගෙන ආපු අයට, සහ වචනෙකින් හරි මගේ අම්මාව, පවුලේ අයව දිරිමත් කරපු හැමෝටම, හැමදාම මම ණයගැතීයි. ස්තූති කරන්න ඕන කොහොමද කියලා ඇත්තටම තේරෙන්නෙ නැහැ.

Rate this item
(0 votes)

Related items

DLB Desktop