May 17, 2024

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලය නම් කරයි - අගමැති මහින්ද (PHOTOS) 

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලය අද(07) පත් කර තිබේ.

ඒ අනුව ඡායා කැබිනට් මණ්ඩලයේ අගමැති ලෙස හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පත්කරගෙන තිබේ. එසේම ඔහු බුද්ධ ශාසන හා ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා ලෙසද පත්කර ගෙන ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩලයක්ද පත් කර ඇති අතර ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද නම් කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා මෙම ඡායා කැබිනෙට්ටුව අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී අමාත්‍යධුර පුද්ගලයින්ට බෙදා දී ඇත.

ඉදිරි රජයකදී ඒ ඒ විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන වගකීම් පැවැරීමත්, ඊට අදාලව වෘත්තීය සමිති සංවිධාන කිරීමේ බලතල ලබාදීමත් මෙම ඡායා කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අරමුණ වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුර බෙදා දී ඇති අතර එය පහත පරිදිය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 08 July 2016 15:32

Related items