May 16, 2024

තරගය වෙනස් කළ අසීෆ් අලිගේ විනාඩි 14

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ හා ඇෆ්ගනිස්තානය අතර පැවැති තරගයෙන් පාකිස්තානය කඩුලු 5ක ජයක් ලබා ගත්තේ එක් පන්දු ඕවරයක්ද ඉතිරිව තිබියදී.

පාකිස්තාන ඉනිමේ 18 වැනි පන්දුවාරයේ අවසන් වන විට කණ්ඩායම් දෙකම සිටියේ ජයග්‍රහණය කොයි පැත්තටද යන අවිශ්වාසයෙන්.

පන්දු වාර දෙකේ ඉලක්කය

ඒ පාකිස්තාන කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා පන්දු ඕවර 2 ක් තුළ ලකුණු 24 ක් ලබා ගැනීමේ ඉලක්කයක් තිබූ නිසා.

එහෙත් 19 වැනි ඕවරයට මුහුණ දුන් පාකිස්තානයේ අසීෆ් අලි එම ඕවරය තුළ තරඟයේ ජයග්‍රහණය කරා ගෙන ගියේ හයේ පහර 4ක් එල්ල කරමින්.

පිටියට පැමිණ විනාඩි 14ක් තුළ පන්දු 7 කදී නොදැවී ලකුණු 25ක් (6 පහර 4ක් සමග) ලබාගත් අසීෆ් අලි තරගයේ වීරයා ලෙසත් නම් කෙරුණා.

හයේ පහර මැසිම

මෙම තරඟයේ දී ඇෆ්ගනිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 147ක් ලබාගත් අතර පාකිස්තානය තරගය ජයග්‍රහණය කළේ කඩුලු 5කට ලකුණු 148ක් ලබා ගනිමින්.

ඉතා පහසුවෙන් 6 පහර එල්ලේ කිරීමේ සුවිශේෂී හැකියාවක් තමන්ට තිබෙන බව අසීෆ් අලි ඔප්පු කරේ පිට පිට දෙවන වතාවට.

මීට පෙර නවසීලන්තය සමඟ පැවති ලෝක කුසලාන තරගයේදීද ඔහු පාකිස්තානය ජයග්‍රහනය කරා ගෙන ගියේ පිටියට පැමිණ විනාඩි 23ක් තුළ පන්දු 12කදී නොදැවී ලකුණු 27ක් ලබා ගනිමින්.

එහිදී ඔහු 6 පහර 3ක් සහ හතරේ පහරක් එල්ල කළා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 31 October 2021 11:54