මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය ආරම්භ වීමට තවත් ඇත්තේ විනාඩි කිහිපයක් පමණයි.
ඒ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර යි.
කියවන්න: අවසන් සටනට පෙර ඔබ දැනගත යුතුම කරුණු
මෙවර තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදු වුවත් තරගාවලිය තුළ බිහි වූ වාර්තා අතර ශ්‍රී ලංකාව තවමත් පසුවනවා.
ඒ ශ්‍රී ලාංකීය තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග නිසා යි.
ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට ද පත් වූ හසරංග මෙම පුවත පළ කරන අවස්ථාව වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා බවට පත්ව සිටිනවා.
ඔහු ලබාගෙන ඇති කඩුළු ගණන 16ක්.
මේ අතර එම ලැයිස්තුවේ හසරංගට පහළින් දෙවැනි ස්ථානයේ සිටින ඇඩම් සම්පා අද පැවැත්වෙන අවසාන මහා තරගයට සහභාගීවනවා.
ඔහු මෙතෙක් මෙම තරගාවලිය තුළ ලබා ඇති කඩුළු ගණන 12ක්.
ඒ අනුව ඔහු අද තරගයේ දී කඩුළු 04ක් ලබා ගතහොත් හසරංග සමග සම තත්ත්වයට පත්වනවා.
යම් අයුරකින් ඔහු අද කඩුලු 05ක් දවාගතහොත් හසරංග දෙවැනි ස්ථානයට පත්වන අතර මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට සම්පා පත්වනු ඇති.
කෙසේ වෙතත් ක්‍රීඩා විචාරකයන් සඳහන් කරන්නේ අද තරගය තුළ දී එවන් කඩුළු ගණනක් ලබා ගන්නට සම්පාට ඇති අවස්ථාව ඉතා විරළ බව යි.
ඒ අනුව බොහෝ විට මෙවර ලෝක කුසලාව තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා ලෙස වනිඳු හසරංග අභිෂේක ගන්වමින් අද තරගය නිමාවනු ඇති.