May 07, 2024

ICC ලොක්කා තනතුරෙන් දොට්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් ICC ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ මනූ ස්වානි වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.



අත්තනෝමතික පරිපාලනය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

එමෙන්ම සිය කාර්ය මණ්ඩලයට හිරිහැර කිරීමේ සිද්ධීන් පිළිබඳ චෝදනා ද මොහුට එරෙහිව එල්ල වී තිබුණා.

ස්වානිට සම්බන්ධයෙන්  පරීක්ෂණයක් ක්‍රියාත්මක වූයේ ඒ අනුවයි.



කෙසේ වෙතත් තමාව ධූරයෙන් ඉවත් කිරීමේ මෙම තීරණයට එරෙහිව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට චෝදනා කරමින් ලිපියක්ද යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 July 2021 09:48