මුදලට ක්‍රිකට් තරග පාවාදීමට සූදානම් වූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු පස්දෙනෙකු නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
චෝදනා ඔප්පු කිරීමට සාක්‍ෂි ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
විදේශ රූපවාහිනී නාලිකාවක් විකාශ කළ වැඩසටහනක් හේතුවෙන් මෙම පස්දෙනාට චෝදනා එල්ල වී තිබුණා.
මෙම පිරිස අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවය කළ තරිඳු මෙන්ඩිස් සහ තරංග ඉන්දික දෙපළ ද සිටින අතර පාකිස්තානු හිටපු ක්‍රීඩක හසන් රාසා ද නිදහස් වූ පුද්ගලයන් අතරට ඇතුළත්ව සිටින බවයි විදේශ මාධ්‍ය පවසන්නේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වෙත ද අදාළ වැඩසටහනේ දී චෝදනා එල්ල වූවා.
ඉන් එක ක්‍රීඩකයකුට මුදලට තරග පාවාදුන්නේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා වසර හයක තහනමක් ද පැනවුණා.
අනෙක් ක්‍රීඩකයා මීට පෙර චෝදනාවලින් නිදහස් කර තිබුණා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකයේ සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වා ඇති අතර එහිදී අදාළ රූපවාහිනී වැඩසටහනේදී හෙළි වූ කරුණු තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත් වාර්තා වෙනවා.