May 19, 2024

අමෙරිකාව පදක්කම් ලැයිස්තුවේ පෙරමුණ ගනී

රියෝ ඔලිම්පික් තරගාවලියේ මේ දක්වා පවත්වනු ලැබූ ඉසව්වලින් රන් පදක්කම් 11ක් හිමිකර ගනිමින් ඇමෙරිකාව පදක්කම් සටහනේ පෙරමුණට පැමිණ තිබේ.

දෙවැනි ස්ථානයේ පසුවෙන චීනය රන් පදක්කම් 10ක් හා තෙවැනි ස්ථානයේ පසුවෙන ජපානය රන් පදක්කම්  06ක් හිමිකරගෙන සිටී.

මෙවර තරගාවලියේ තුළ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලබාගත් වැඩිම රන් පදක්කම් ගණනයට හිමිකම් කියන ඇමෙරිකානු පිහිනුම් ක්‍රීඩිකා කැතී ලීඩෙකී රන් පදක්කම් 03ක් හා රිදී පදක්කමක් හිමිකර ගෙන තිබේ.

එමෙන්ම ඇමෙරිකාවේම මයිකල් පෙල්ප්ස් රන් පදක්කම් 03ක් හිමිකරගෙන එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.

අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවට මෙතෙක් කිසිදු තරඟයකින් ඉසව්වකින් පදක්කමක් ලැබීමට නොහැකි වී තිබේ.

මේ වනවිට පදක්කම් ලැයිස්තුව.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 August 2016 14:17