May 19, 2024

පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ජය ගනී

එංගලන්ත වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 108කින් ජය ගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම ඊයේ (10) සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50තුළ කඩුලු 7ක් දැවී ලකුණු 257ක් රැස් කිරීමට සමත් විය.

නායක චරිත් අසලංක ලකුණු 70ක් සහ සම්මු අශාන් ලකුණු 60ක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී බර්නාඩ් සහ ග්‍රීන් කඩුලු 2 බැගින් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත පිලට පන්දු වාර 40යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 149ක් පමණි.

එංගලන්ත පිලේ නායක මැක්ස් හෝල්ඩන් ලකුණු 40ක් සහ සෙන් මලික් ලකුණු 32ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී දමිත සිල්වා කඩුලු 3ක් දවාගත් අතර තිලාන් ප්‍රසාන්, චරිත් අසලංක සහ වනිදු හසරංග කඩුලු 2 බැගින් බිඳ හෙලීය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 August 2016 12:13