May 19, 2024

මැතිව් අබේසිංහට 3වැනි තැන

රියෝ ඔලිම්පික් උළෙලේ තවත් ශ්‍රී ලංකා පිහිනුම් බලාපොරොත්තුවක් බවට පත්ව සිටි මැතිව් අබේසිංහ ඊයේ (09) පැවැති මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයක දී තත්පර 50.96කින් 03වැනි ස්ථානයට පත් විය.

එම කාලය අනුව මූලික වට 08කදී ක්‍රීඩකයන් 59කින් මැතිව් 50 වැනියා බවට පත්විය.

තරඟයේ හොඳම කාලය වාර්තා කළ ඔස්ට්‍රේලියාවේ කයිල් කැල්මර්ස් තත්පර 47. 96කින් තරගය නිම කළේය.

මැතිව් අබේසිංහගේ කාලය අනුව ඔහුට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවී ගිය අතර ඔහු රියෝ පිහිනුම් තටාකයට පිවිසියේ තත්පර 50ට අඩු කාලයකින් තරගය නිමකරන බවට විශ්වාසය පළ කරමිනි.

ඔහු මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව උසුලන අතර මෙයට මාසයකට පෙර තත්පර 50.53කින් එම වාර්තාව පිහිටුවා තිබුණි.

මෙවර ඔලිම්පික් උළෙලට ‘B’ කාණ්ඩයේ පරිසාධන මට්ටමට ළගාවීමටද මැතිව් අබේසිංහට එහිදී හැකි විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 August 2016 09:52