May 07, 2024

ශ්‍රී ලංකාවේ පළමු ඔලිම්පික් බලාපොරොත්තුව බිඳවැටෙයි

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ශි‍්‍ර ලංකාව තැබූ පළමු බලාපොරොත්තුව ඊයේ (07) රාති‍්‍රයේ ගිලිහී ගියේය.

ඒ මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වට එක් වූ කිමිකෝ රහීම් දෙවැනි මූලික තරඟයේදී සිවුවැනි ස්ථානයට පත්වීමත් සමඟනි.

ඇය තරඟය නිමා කළ කාලය විනාඩි 1.04.21ක් වන අතර එම දක්ෂතාව ඇයට අවසන් පූර්ව වටයට පිවිසීමට තරම් ප‍්‍රමාණවත් නොවුණි.

ඒ කෙසේවුවද කිමිකෝ රහීම් පසුගියදා තායිලන්තයේ දී පැවති තරඟයේදී මෙම දක්ෂතාවට වඩා හොඳ කාලයක් වාර්තා කළාය. එය විනාඩි 1.02.63ක දක්ෂතාවක් වන අතර එහිදී ඇය සිය පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම නව ශී‍්‍ර ලංකා වාර්තාවක්ද පිහිටුවූවාය.

එමෙන්ම කිමිකෝ රහීම් පසුගිය 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී විනාඩි 1.03.78ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කළාය.

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග සඳහා කී‍්‍රඩිකාවන් 34 දෙනෙකු තරග වැදුණි.

ඒ අතරින් 16 දෙනෙකු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර කාල ගණනය අනුව කිමිකෝ රහීම්ට එම ඉසව්වේ හිමිවූයේ 28 වැනි ස්ථානයයි.

අමෙරිකාවේ බේකර් කෙත්ලින් එම ඉසව්වේ හොඳම කාලය වාර්තා කළේ තත්පර 58.84ක් දක්ෂතාවක් වාර්තා කරමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 August 2016 10:13