May 06, 2024

ඔලිම්පික් උළලේදී නව පිහිනුම් ලෝක වාර්තා 3ක්

රියෝ ඔලිම්පික් උළෙලේ දෙවන දිනය වූ පසුගිය 06වනදා පිහිනුම් ඉසව්වෙන් නව ලෝක වාර්තා 03ක් බිහිවිය.

ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු ලෝක වාර්තාව පිහිටවූයේ මීටර් 400 කේවල මිශ්‍ර අාර කාන්තා ඉසව්වට එක්වූ හංගේරියාවේ කටින්කා හොසුය.

ඇය විනාඩි 04 යි තත්පර 26.36 ක දක්ෂතාවක් වාර්තා කරමින් මෙම ලෝක වාර්තාව තැබුවාය.

මීට පෙර එම පිහිනුම් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ චීනයේ යේ ෂියෙන්ය. ඇය පසුගිය 2012 වර්ෂයේදී එම ලෝක වාර්තාව පිහිටුවනු ලැබීය.

මේ අතර තමන් පිහිටුවා තිබූ මීටර් 100 ලය ආර පිහිනුම් ඉසව්වේ ලෝක වාර්තාව වසරක් තුළ යළි අලුත් කරන්නට බි‍්‍රතාන්‍යයේ ඇඩම්පීටි මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී සමත්විය.

ඇඩම්පීටිගේ තරඟ නිමි කාලය තත්පර 52.92 ක් වූ අතර වසර 28කට පසු බි‍්‍රතාන්‍ය කී‍්‍රඩකයෙකු පිහිනුම් කේවල ඉසව්වකින් දිනූ පළමු රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.

මෙවර රියෝ ඔලිම්පික් උළෙලේ පිහිනුම් ඉසව්වෙන් 3 වැනි ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර් 100 X 4 නිදහස් ආර කාන්තා පිහිනුම් ඉසව්වට එක්වූ ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවන්ය.

මීට පෙර එම කාන්තා පිහිනුම් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කීවේද ඔස්ටේ‍්‍රලියාවයි.

මේ අතර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ දෙවන දිනය නිමා වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්ව සිටින අතර එ්, රන් පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමිනි.

පදක්කම් සටහනේ 02වන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 02ක් දිනූ හන්ගේරියාවයි.

රන් පදක්කමක් සහ රිදී පදක්කම් 04ක් දිනූ අමෙරිකාව රියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ 03 වැනි ස්ථානයේ පසුවෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 August 2016 09:09