May 02, 2024

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම අද බ්‍රසීලයට (VIDEO)

මෙවර බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර දී පැවැත්වෙන රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (01) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, නිලූකා ගීතානි රාජසේකර සහ හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක්වන සුමේධ රණසිංහ ද අද පිටත්ව යන ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත් වේ.

මීට අමතරව බැඩ්මින්ටන් ඉසව්වට එක්වන නිලූක කරුණාරත්න, පිහිනුම් ඉසව්වට එක්වන කිමිකෝ රහීම්, බර ඉසිලීමේ ඉසව්වට එක්වන සුදේශ් පීරිස් සහ ජූඩෝ ඉසව්වට එක්වන චාමර නුවන් ධර්මවර්ධන යන අයද අද දින බ්‍රසීලය බලා යාමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගි වේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 August 2016 09:32