May 19, 2024

'මහින්දෝදය' කාගේ වැඩක්ද? - ඇමති රාජිත මහින්ද රජයේ රහසක් හෙළි කරයි (VIDEO) 

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ මහින්දෝදය විද්‍යාගාර දහසේ ව්‍යාපෘතිය එවක සිටි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලය තුළ සම්මත කර ගත් ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ (10) හෙළි කළේය.

ඊයේ අලුත්ගම පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේබව හෙළිදරව්ව කර තිබේ.

මහින්දෝදය විද්‍යාගාර දහසේ ව්‍යාපෘතිය හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ වැඩපිළිවෙලක් බවත් එම ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එදා සිටි රාජ්‍ය නායකයා විරුද්ධ වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘතිය කර ගැනීමට නොහැකි වූ විට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම ව්‍යාපෘතියට මහින්දෝදය නම යෙදූ බවත් ඊට පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පසු වහාම සම්මත වූ බවත් හෙතෙම සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 January 2016 00:23