May 06, 2024

ලන්ඩනයේ ඝාතනයක්: ත්‍රස්ත ක්‍රියාවකැයි සැකයක්

එංගලන්තයේ ලන්ඩන් නුවර රසල් චතුරස්‍රය අසල දී පුද්ගලයින් පිරිසකට පිහියෙන් ඇනීම හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් 05දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙසේ පිහි ඇනුම සිදුකර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක් වන අතර ලන්ඩන් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා ඊයේ (03) රාත්‍රී 10ට පමණ කලබලකාරී ලෙස හැසිරෙමින් රසල් චතුරස්‍රය අසල සිට ඇති අතර එම අවස්ථාවේ මෙම අනතුර සිදුකර ඇත.‍

61 හැවිරිදි කාන්තාවක් සිද්ධියෙන් මියගොස් ඇති අතර තවත් කාන්තාවන් 04දෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

2005 වසරේ 7/7 බෝම්බ සිද්ධිය සිදුවූ ස්ථානයේදීම මෙය සිදුව ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන අතර මෙය ත්‍රස්ත ක්‍රියාවක් විය හැකි බවට එරට පොලීසිය සැක පළ කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 August 2016 13:11