May 04, 2024

උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක් (PHOTOS)

අමෙරිකානු ලැදි රාජ්‍යයන් වෙත ප්‍රහාර එල්ල කළ හැකි මට්ටමේ බලයක් මේවන විට තමන් අත්පත් කරගෙන ඇති බව උතුරු කොරියානු ඒකාධිපති නායක කිම් ජොං-උන් පවසා තිබේ.

ඊයේ උතුරු කොරියාව විසින් මිසයිල දෙකක් අත්හදා බැලූ අතර එම අත්හදාබැලීමෙන් පසුව උතුරු කොරියානු නායකයා ඉහත අදහස් පළ කොට ඇත. 

එම මිසයිල දෙකෙන් පළමුවැන්න අසාර්ථක වී ඇති බව අමෙරිකානු සහ දකුණු කොරියානු බළධාරීන් පවසන නමුත් දෙවැනි මිසයිලය කිලෝමීටර 1000ක් වැනි ඉහළ උස මට්ටමකින් කිලෝමීටර 400ක් පමණ දුර ගමන් කොට ඇති බව වාර්තා වේ.

න්‍යෂ්ටික අවි හෝ බැලස්ටික් මිසයිල බලගැන්වීම වළකමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාව වෙත පනවා ඇති තහනම ද නොතකා මෙම මිසයිල අත්හදා බැලීම සිදු කොට තිබීම විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කි-මූන් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ අදාළ මිසයිල අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ තහනම බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව යි.

උතුරු කොරියාවේ මිසයිල බලය දැක්වෙන සටහනක් පහතින් > > >

North Korean missile range

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 June 2016 11:18