May 04, 2024

තහනම් මැද උතුරු කොරියාවෙන් මිසයිල අත්හදා බැලීමක්

උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව ප්‍රකාශ කරයි.

අත්හදා බලා ඇති අදාළ මිසයිල දෙකෙන් පළමුවැන්න අසාර්ථක වී ඇති බව වාර්තාවන අතර එය කිලෝමීටර 150ක් පමණ දුර ගොස් මුහුදට පතිත වී තිබේ.

එම පළමුවැන්න ගුවන්ගත කර පැය කිහිපයකට පසු යවා ඇති දෙවන මිසයිලය කිලෝමීටර 400ක් පමණ දුර ගොස් ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

න්‍යශ්ටික අවි සහ බැලස්ටික් මිසයිල තාක්ෂණය භාවිත කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට තහනම් කර තිබෙන අතර එවන් පසුබිමක් තුළ මෙවැනි අත්හදා බැලීමක් සිදුව තිබීම විශේෂත්වයකි.

උතුරු කොරියානු පාලකයාගේ අත්තනෝමතික ක්‍රියාදාමයන් හේතුවෙන් ලෝක සාමයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව විවිධ පාර්ශව කාලයක සිට අවධානයෙන් සිටිති.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 June 2016 09:13