May 02, 2024

ඊජිප්තු පිරමීඩ පුපුරුවාහරින බවට ISIS අනතුරු අඟවයි (VIDEO)

ලෝකප්‍රකට ඊජිප්තු පිරමීඩ විනාශ කරන බවට ISIS ත්‍රස්තයින් අනතුරු අඟවා තිබේ.

IS ත්‍රස්තවාදීන් විසින් වසර 2,500කටත් වඩා පැරණි දෙවොලක් පසුගිය දා පුපුරවා විනාශ කළ අතර එම විනාශය සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නිකුත් කර තිබුණි.

එම වීඩියෝවෙහි අවසාන කොටසෙහි ඊජිප්තු පිරමීඩ පිළිබඳ අනතුරු ඇඟවීම සිදුකොට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊජිප්තු පිරමීඩ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසට ද නම් කොට ඇති අතර ලොව පුදුම හතෙන් එකක් ලෙස ද එය සැලකේ.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Friday, 10 June 2016 14:03