May 03, 2024

රාජ්‍ය සේවකයින්ගේ වාහන බලපත්‍ර පැවරීම අවසන්

February 11, 2015
වාහන මිලදීගැනීම සඳහා රජයේ සේවකයින්ට තීරු බදු සහන යටතේ ලබාදෙන බලපත්‍ර වසර හතරක් යනතෙක් පැවරිය නොහැකි බව නව රජය තීරණය කර තිබේ.
රජයේ සේවකයින්ට තීරුබදු සහන යටතේ ලබාදෙන වාහන බලපත්‍ර වෙනත් අයෙකුට පැවරිය හැකියැයි පසුගිය රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.
‍මේ නිසා, රජයේ සේවකයින්ට තමන්ට හිමිවූ වාහන බලපත්‍ර විකිණීමේ අවස්ථාව ලැබුණු අතර බොහෝ දෙනෙකු මෙවැනි වාහන බලපත්‍ර මිලදීගනිමින් එමගින් වාහන මිලදී ගැනීමට පසුගිය කාලයේ කටයුතු කළේය.
කෙසේ නමුත් මෙම නව නීතිය බලපානුයේ අළුතින් ලබාදෙන බලපත්‍ර වලටද පැරණි බලපත්‍ර වලට ද යන්න තවමත් තීරණය කර නොමැත.
Rate this item
(0 votes)