May 03, 2024

රන් මිල පහළට - උකස් රන් සහනය තවමත් නෑ

February 08, 2015

ලෝක වෙළඳපොලේ රන් මිල නැවතත් පහත වැටී ඇති බව වාර්තා වේ. රන් අවුන්සයක මිල ඊයේ සටහන්වූයේ ඇමරිකානු ඩොලර් 1234.60 ක් ලෙසය.

සති 3 කින් ලෝක වෙළඳපොලේ වාර්තා වූ අඩුම රන් මිල මෙය වන අතර ඇමරිකාව ප‍්‍රමුඛ ලෝක ආර්ථිකයේ ප‍්‍රකෘතිමත් වීම රන් මිල පහත වැටීමට ප‍්‍රධාන හේතුවක්  ලෙස සැළකේ.

මේ අතර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ගෙන ආ අතුරු අයවැයේ උකස් රන් සහනය පිළිබඳව චක්‍රලේකයක් මගින් තවමත් රාජ්‍ය බැංකු දැනුවත් කර නොමැති බව අප කළ විමසීමකදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන්ද කළ විමසීමකදී සඳහන් වූයේ අදාළ උකස් රන් සහන පිළිබඳව අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කොන්දේසි සකස් කිරීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතින බවය.

කෙසේවෙතත් මෙම අතුරු අයවැය තුළින් ජනතාවට ලබා දුන් උකස් රන් සහනය පිළිබඳව සමාජය තුළ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් පවති.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 February 2015 09:01