May 04, 2024

හයිබි‍්‍රඩ් ගැනුම්කරුවන්ට සහනයක්

February 07, 2015
හයිබි‍්‍රඩ් වාහන ගැනුම්කරුවන්ට සහනයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
 
ඒ අනුව හයිබි‍්‍රඩ් වාහන ගැනුම්කරුවන් විසින් නියමිත නව බදු මුදල් පළමුවෙන් ගෙවිය යුතු අතර එහිදී වැඩිපුර ගෙවීමට සිදුවන මුදල වාහනය තම නමින් ලියාපදිංචි කිරීමෙන් පසු ගැනුම්කරුවන්ට නැවත ලබාදීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරයි.
 
කෙසේ නමුත් ව්‍යාපාරික අරමුණින් ආනයනය කරන ලද වාහනවලට අදාළ සහනය හිමිවන්නේ නැත.
 
හයිබි‍්‍රඩ් වාහන සඳහා මෙතෙක් අය කෙරුණු බද්ද 57.5%කි. 
 
නමුත් අතුරු අයවැයෙන් යෝජනා කෙරුණේ එම බද්ද 92%ක් දක්වා ඉහළ දැමීමටයි.
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 07 February 2015 10:55