May 09, 2024

හයිබ්‍රිඩ් ඇනවුම් කළ අය අර්බුදයක

February 05, 2015
රජය හඳුන්වා දුන් නව බදු හේතුවෙන් හයිබ්‍රිඩ් වාහන ඇනවුම් කළ විශාල පිරිසක් අර්බුදයකට ලක්ව ඇති බැවින් අයවැයට පෙර ඇනවුම් කළ වාහන සඳහා සහනයක් ලබා‍ දෙන ලෙස ජනතාව ඉල්ලීමක් කර තිබේ.
 
කෙසේ වෙතත් පෞද්ගලික මට්ටමින් කර ඇති එවැනි ආනයන පිළිබඳව සලකා බැලීමක් කළ හැකි වුව ද ‍ව්‍යාපාරික වශයෙන් වාහන ආනයනය කිරීම සඳහා පැන වූ බදු කිසිසේත් සංශෝධනය ‍නොකරන බව මුදල් අමාත්‍යරවයා අවධාරණය කරයි.
 
මේ අතර ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ‍තමන් ද නව බදු හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණදී සිටින බවයි.
 
පසුගිය සතියේ රජය ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් හයිඩ්‍රිඩ් වාහන මිල ගණන් රුපියල් ලක්ෂ 7 ත් 12 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිණ.
 
Rate this item
(0 votes)