April 26, 2024

කොමාර්ෂල් බැංකුව ඉහළ ස්ථානයක 

දිනක් තුළ වැඩි ම මුදලක් නිකුත් කරමින් කොමාර්ෂල් බැංකුවේ ATM ජාලය නව වාර්තාවක් පිහිටුවයි.

2014 අප්‍රේල් 11 වැනි දා එම ATM ජාලය මගින් රුපියල් බිලියන 2.05 ක මුදලක් නිකුත් කර තිබේ.

එය මීට පෙර එක් දිනක් තුළ රුපියල් මිලියන 263 ක් නිකුත් කරමින් එම බැංකුවම තැබූ වාර්තාව අභිබවා යාමක් බව වාර්තා වේ.

කොමර්ෂල් බංකුව සතු ව ATM 585 කින් යුත් සුවිශාල ජාලය මගින් එම වාර්තාව පිහිටුවා ඇති අතර මීට අමතර ව දින 12 ක් තුළ වැඩිම මුදල් ප්‍රමාණයක් නිකුත් කිරීමේ වාර්තාවක් ද පිහිටුවා ඇත.

එය පසුගිය අප්‍රේල් 01 වැනි දා සිට 12 වැනි දා දක්වා රුපියල් බිලියන 15.432 ක මුදලක් නිකුත්‍ කිරීමෙනි.

ශ්‍රී ලංකාවේ විශාලත ම වාණිජ බැංකුවවන කොමාර්ෂල් බැංකුව ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල පළමු බැංකු 1000 අතර සිටින බැකුවකි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 April 2014 13:06