May 08, 2024

"බෙස්ට් ලයිෆ්" අමා වැස්ස වන්දනා කරයි

අමා වැස්ස 2015 මියුගුණ සෑ වන්දනාව ඓතිහාසික මහියංගනය පුද බිමේදී 8000 කට අධික සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
 
බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති, ප්‍රධාන මෙහෙයුම් කමිටුව, අලෙවි බලකාය, සේවක සේවිකාවන් ඇතුළු කාර්යය මණ්ඩලයේ සහ සමස්ථ ලක්වාසීන්ට සෙත් පතා ආශිර්වාද කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණි.
 
ඓතිහාසික මහියංගනය රජමහා විහාරයේ විහාරාධිපති පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්  සහ බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති දේශමාන්‍ය ආචාර්ය කලාකීර්ති ශ්‍රී දමින්ද උපාලි ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් මෙම ආගමික සත්කාර්යය සිදු විය.
 
බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගම යටතේ ඇති බෙස්ට් ලයිෆ් වන්දනා පුද්ගලික සමාගම සහන මිල ගණන් යටතේ රටවල් රැසක වන්දනා චාරිකා සංවිධානය කරනු ලබයි.
Rate this item
(0 votes)