May 08, 2024

ඉන්දු - ලංකා වෙළෙඳ ගිවිසුම අලුත් කරන්න දුත පිරිසක් ලංකාවට

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සිදුකෙරෙන ද්වීපාර්ශ්වීය භාණ්ඩ හුවමාරුවට අමතරව ආයෝජන හා සේවා අංශ වෙතද අවධානය යොමුකළ යුතු බවත්, දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා ශක්තිමක් කිරීමට ඉන්දීය වාණිජ ලේකම් ප්‍රමුඛ ඉහළ පෙළේ නිල දූත පිරිසක් නුදුරේදීම මෙරටට පැමිණීමට නියමිත බවත්, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් අරින්දම් භක්චි මහතා පැවසීය.
 
ඉන්දු ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා ශක්තිමක් කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති සාකච්ඡාවක් අතරවාරයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙසේ පැවසා සිටියේ. මෙම හමුව පසුගිය 27 දා, කොළඔ 02, නවම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සිදුකෙරිණි.
 
Rate this item
(0 votes)