May 09, 2024

යාපනයෙන් එළවළු ලැබේ - දඹුල්ලේ මිල පහළට

යාපනය දිස්ත්‍රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් එළවළු මිල පහත වැටි තිබේ.

මේ වනවිට යාපනයෙන් ගෝවා , මිරිස් ,බිට් ,වම්බටු ,කැරට් ,මෑකරල් ,අර්තාපල්, අල ,ලුනුමල් ,කරවිල ,එළබටු ,අලු කෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව පසුගිය ආසන්නතම දිනවල රුපියල් 1300 කට පැවැති අමු මිරිස් කිලෝවක් මේ වන විට රුපියල් 240 ක් දක්ව ද අනෙක් එළවළුත් ඊට සාපේක්ෂව සැලකියයුතු අගයන්ගෙන් අඩුවී ඇති බවද සඳහන් .

යාපනයේ එළවළු ලැබෙන ආකාරය සමග දඹුල්ලේ එළවළු මිල තවත් අඩු වනු ඇතැයි වෙළෙන්දෝ පෙන්වා දෙති.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 30 January 2015 21:37