May 07, 2024

STC වෙතින් LED රූපවාහිනී යන්ත්‍ර හඳුන්වා දෙයි

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකුලව, දේශීයත්වය අගයමින් ලංකාවට හඳුන්වා දුන් නව STC General LED රූපවාහිනී යන්ත්‍රය දැන් දිවයින පුරා පිහිටි STC ප්‍රදර්ශනාගාර තුළින් ලබා ගැනීමට හැකි බව රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී පැරකුම් විජයරත්න මහතා පවසයි.
 
ඒ අනුව STC General LED රූපවාහිනී යන්ත්‍ර කොළඹ, කුරුණෑගල, නුවර, අනුරාධපුරය, යාපනය, නාරාහේන්පි‍ට, මාතර ඇතුළු සියලුම STC ප්‍රදර්ශනාගාර තුළින් ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකියාව තිබේ.
 
මෙම රූපවාහිනී යන්ත්‍රය රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ මිල ගණන් යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැකි අතර, තවද STC General LED රූපවාහිනී යන්ත්‍රය අඟල් 32 හා 40 යන ප්‍රමාණයෙන් වසර 2ක වගකීමක් සහිතව නවීන තාක්ෂණයෙන් යුතුව පරිසර හිතකාමී අයුරින් වෙළදපළ වෙත නිකුත් වීමද විශේෂත්වයකි.
 
Rate this item
(0 votes)