May 07, 2024

කුඹුරු ඉඩම් සංගණන නාමලේඛනයට නිවරැදි තොරතුරු ඉල්ලයි

කුඹුරු ඉඩම් නාමලේඛන සංගණනයට නිවරැදි තොරතුරු ලබාදීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව ගොවිජන සංවර්ධන පනත යටතේ අදාළ පුද්ගලයා වරදකරු කිරීමේ හැකියාවක් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුඹුරු ඉඩම් සංගණනයක් හඳුනාගත් ගොවිජන සේවා බල ප‍්‍රදේශ 17ක ක‍්‍රියාත්මක කරනු ඇති. කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීමේදී තම කුඹුරු ඉඩම් පිළිබඳව තොරතුරු වැදගත් වනු ඇති.

Rate this item
(0 votes)