May 07, 2024

මෙදාපාර වැලන්ටයින් එකට තිස්සට ඇවිත් බලන්න

“වැලන්ටයින් දවසට සල්ලි ඇත්නම් කැමති විදියට සතුටු වෙන්න ඇති අයිතියට කුමනතහංචි ද නේද? කාටහරි කහන සල්ලි තියෙනවනම් තමන්ගේ පෙම්වතිය එක්ක තරු හෝටලයකවුණත් මේ දිනය සමරන්න පුළුවන්. වැඩේ කියන්නේ ආදරවන්තයින්ගේදවස මෙහෙම සමරන එවුන් කසාද බැදලා මාසෙන් දෙකෙන් ඩිවෝස් වෙනවා. දියුණු රටවල පාක්වලවැඩිපුරම ඉන්නේ වයසක උදවිය. අපේ රටේ වැඩිපුරම ඉන්නේ තරුණ උදවිය. අපේ උන්කසාද බදින කම් විතරයි පාක් වලට එන්නේ. ඊට පස්සේ වැඩේ අතාරිනවා”. මෙහෙම කියන්නේ එළඹෙන වැලන්ටයින් දිනයට අලුත් වැඩකට සූදානම් වෙන ‘Showbiz’ලා. ඒ වැඩේ මොකක්ද කියලා මේ ලිපියෙන් දැනගන්න.

01 ඉස්සෙල්ලාම කියන්න. ඔබලාගේ එකතුවේ නම හරි අමුතුයි.Showbiz මේ නම දාන්න විශේෂ හේතුවක් තියෙනවද?

ඒක නෑ කියලා කිව්වොත් වැරදියි. අපි ආයතනයක් විදියට සංවිධානය වෙන්නේ මෑතකවුණාට Showbiz වලට එකතු වුණූ හැමදෙනෙක්ම ඉතා දිගු කාලයක ඉදලා කලාක්ෂේත‍්‍රයේ විවිධාකර අත් දැකීම් තියෙන අය. මේකට හරිම වචනේ තමයි රස්තියාදුවුණ අය. මීට වඩා වැඩියමක් කරන්න ඉඩ අවකාශයක් හදා ගන්නඕනී කියන එක එයාලාහැමෝගෙම හිතේ තිබුණා. නමුත් ඊට හරියන කණ්ඩායමක් නැති අවුල තමයි තිබිලාතියෙන්නේ. විශේෂයෙන් මේ වෙලාවේ මොන වැඩකවත් තනියෙන් ගේමක් ගහන්න අමාරුයි.මිනිස්සු මේක විශ්වාස කරන්නේ නැති වෙයි. හුදකලාව කියන්නේ මේ වෙලාවෙ හෙනඅවුලක්. එකෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ. හැමකෙනාම සිය පෞද්ගලික බලාපොරොත්තුතෘප්තිමත් කරගෙන යනකොට ඉතින් අන්තිමට තම තමන්ගේ වැඩ වත් හරියට කෙරෙන්නේ නෑ.සමාජමය වශයෙන් වුණත් මිනිසුන්ට තනි තනිව රිසිපරිදි කටයුතු කර ගන්නටඅවස්ථාව සැලසීමෙන් වෙන්නේ සමස්තයක් විදියට කෙළව ගන්න එක. ඒක නිසා මොන වැඩකවුණත් කණ්ඩායමක් එක්ක එක අරමුණකට එකතු වෙලා වැඩ කිරීමේ ඵලදායීතාවය වැඩියි.ඒක තේරුම් ගත්ත පිරිසක් එකතු වෙලා තියෙනවා. දැන් ඔයා අහපුප‍්‍රශ්ණේ අපේ නම ගැනනේ. උත්තරය හරි සරලයි. මිදි තනි තනිව හැදෙන්නේ නෑ.මිදි හැදෙන්නෙත් එක පොකුරට. අපිටත්ඕන එක පොකුරක් විදියට එකතු වෙලා වැඩකරලා පෙන්නලා මේ හුදකලා සමාජයට අභියෝග කරන්න.

02. වැඩ කිව්වම ඔයාලා මොන වගේ වැඩ ද කරන්නේ.

මිදි Showbiz අපි නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාවේ කලා කටයුතු වලට උපරිමදායකත්වයක් ලබා දෙන්නට උත්සාහ ගන්නා පිරිසක්.විශේෂයෙන් නවක කලා කරුවන්ටසම්පත් දායකත්වය මෙන්ම අවසානයේ ඔවුන්ගේ නව නිර්මාණ ප‍්‍රදර්ශනයට අවස්ථාවසලසා දෙමින් අතහිත ලබා දීම අප එකමුතුවේ ප‍්‍රධාන අරමුණක්. මේක වචනයේපරිසමාප්ත අර්ථයෙන්ම එහෙම එකක්. අප විසින් මඟපෙන්නනු ලබන නවකයින් අනාගතයේදිනක ලාංකීය කලා ක්ෂේත‍්‍රයේ පෙර ගමන් කරුවන් ලෙසින්කටයුතු කරනු දැකීමතමයි අපගේ එකම අභිලාෂය. අද දවසේ ඔවුන්ට නිවැරදිව මඟ පෙන්වීම තුළින් අනාගතයේදිනක ශ‍්‍රී ලාංකාවේ සුවිශේෂී අනන්‍යතාවයක් කරා රැගෙන යාම අපගේ උත්සාහයයි.දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේක මේ පින් තකා කරන දන්සැලක් වගේ එකක් දකියලා. නෑ මේකේ යම් ආර්ථිකමය වටිනාකම් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. නමුත්අද දවසේ තරුණයින්ට සල්ලිමත් නෙවෙයි ප‍්‍රශ්ණෙ තියෙන්නේ. අපිට හොද උදාහරණතියෙනවා. දැන් උදාහරණකයට අපිට ඇවිල්ලා සමහර තරුණයින් කියනවා.. අයියේ මමසිංදුවක් කරා. ඒකේ විෂූවල් එක කරගන්නඕන. වියදම කීය ගියත් කමක් නෑ කියලා.නමුත් ඒ නිර්මාණේ ගත්තම මෙලෝ රහක් නෑ. ඉතින් අපි උත්සාහ ගන්නවා එයාට ඒසිංදුව අයින් කරලා හොද සිංදුවකුයි හොද විෂුවල් එකකුයි දෙකක් කරලා දෙන්න.එකේ මුල්‍යම වටිනාකමට වඩා අපි බලන්නේ මේ ක්ෂේත‍්‍රයට ඇම්ම තියෙන එකාව තැනකටගේන්න.

03. ඉතින් ඔය සම්බන්ධයෙන් උගන්වන ආයතන පවා දැන් තියෙනවනේ.

දැන් උදාහරණයකට මේවා නෙවෙයි නිදහස් අධ්‍යාපනේම ගන්න.කොළඹ ජීවත් වෙන දෙමව්පියන් සහ තණමල්විල ජීවත් වෙන දෙමව්පියන් එකතු වෙලානඩත්තු කරන මේ නිදහස් අධ්‍යාපන එකම දෙන්නට බෙදෙන කොට කොළඹ ඉන්න දරුවට ලැබෙනවිදිය වෙනස්. ඒ අතින් ගත්තම නිදහස්අධ්‍යාපනේ..... නිදහස් අධ්‍යාපනේ..... කියලා පොර් ටෝක්ස් දුන්නට අධ්‍යාපනයේඅවසාන Output එකට වාසනාවට හරි අවාසනාවට හරි සෙට් වෙන්නේ ලංකාවේ එකමපන්තියක එවුන් ටිකක් විතරයි. දැන් එතකොට විශ්වවිද්‍යාල මාරයි ද? නෑ.අපිටත් කියන්න තියෙන්නේ ලංකාවේ කලාව උගන්වන තැනුත් බහුතරයක් මාර නෑ.ඒවායිනුත් එකම පිරිසක් තමයි ගොඩ යන්නේ. ඒවට විවිධ හේතු තියෙනවා. ඒ කියන්නේඉගෙන ගෙනම විතරක් හරි යන්නේ නෑ කියන එක.අපි ගහපු රස්තියාදුව ඇතුලේ අපි හදාගත්ත සම්බන්ධතාවයක් එක්ක අපි උත්සාහ කරන්නේ මේ link බෙදා හදා ගන්න.ඒක කරන්නපුළුවන් අපි වගේ හිතන එවුන් ටිකකට විතරයි. මොකද බෙදා හදා ගැනීම කියන්නේසෞන්දර්යයක්. ඒකේ හෙන ආතල් එකක් තියෙනවා. ඒ ආතල් එක නොතේරෙන එකෙක් මොන තරම්හැකියාවක් තිබුණත් බෙදා හදා ගන්නේ නෑ.

04. බෙදා හදා ගැනීම සෞන්දර්යයක් කියලා ඔයා කිව්වා. අද දවසේ එහෙමසංස්කෘතියක් නැති වෙන්න හේතු වෙන්න ඇත්තේ මොකද්ද?

ඕකට එක උත්තරයයි තියෙන්නේ. මේ වෙළඳ සමාජ ක‍්‍රමය. දැන් බලන්න අපේ පැරණිසමාජයේ ගම කේන්ද්‍රීයව තිබුණු සරළ ජීවිත කොළඹ අවට පර්චස් දෙක තුනක් ඇතුළටගන්න අද දවසේ හැම ලාංකිකයෙකුටම ඇති වෙනවනේ. ඒ අවශ්‍යතාව ගොඩාක් වෙලාවටආර්ථිකමය කාරණයක් . මේ ගනුදෙනුව ගොඩාක් වෙලාවට වෙළඳ පොළත් එක්ක එකටකෙරෙන්නේ.

06. කරන්න යන වැඩේ ගැන කිව්වොත්.

මේ වැලන්ටයින් දවසට අපි කරන event එකක් ගැන. අපි එදාටතිස්සමහාරාමේ ආදරවන්තයින්ට බලන්න කෙටි නාට්‍ය හතරක් අරන් යනවා. උන් එකෙක්දෙන්නෙක් හරි පවතින ආදරය ගැන වෙනස්ව හිතුවොත් අපිට ඇති. ප‍්‍රායෝගිකවගත්තම මේක සංවිධානය කිරීම හෙන රිස්ක් වැඩක්. අපි ආයතනයක් විදියට දැනටමත්මේවට මුදල් ආයෝජනය කරලා තියෙන්නේ. උන් එදාට නාට්‍ය බැලිල්ල පැත්තකට තියලාවැලන්ටයින් සමරන්න කියලා වෙන වෙන තැන්වලට ගියොත් අපිට කෙල වෙනවා.

ඒ අනුව රාජ්‍ය සම්මානලාභී රොහාන් ද සිල්වා තරුණ නිර්මාණකරුවෙකුගේ කෙටි නාට්‍යහතරක් එළබෙන පෙබරවාරී 14 වන දිනට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය දා තිස්සමහාරාමදෙබරවැව ජාතික පාසලේ සරස්වතී රංග ශාලාවේ රංග ශාලාවේ වේදිකාගත කිරීමට අප මේවන විට සියළු කටයුතු සම්පාදනය කරල තියෙනවා. ඒ නාට්‍ය හතරෙන් එක ‘තැප්‍රෝබේන්’. ඒකට රාජ්‍ය සම්මාන 4ක් හම්බ වුණා. ‘අපි’ රාජ්‍ය සම්මාන 7ක් හම්බ වුණා.‘හරියටම හයයි තිහ’ රාජ්‍ය සම්මාන 6ක් හම්බ වුණා.‘පැරඩොක්ස් කතාවක්’නවතමනිෂ්පාදනයක්.මිදි Showbiz අපි මෙම නාට්‍ය හතර සංවිධානය කරන එක අරමුණක්වන්නේ කලින් සඳහන් කල පරිදි තරුණ නිර්මාණ කරුවෙකු වන රොහාන් ද සිල්වාටශක්තියක් එකතු කරන්න.

අනෙක් අරමුණ තමයි ආදරවන්තයින්ගේ දිනය දා එය සැමරුම්කරන ආදරවන්තයින්ට අර්ථවත් නාට්‍යයක් බැලීමට අවස්ථාව උදා කර දීම. අද දවසේතාරුණ්‍යය බොහෝ වෙලාවට ඔවුන් පිළිබඳව කිසිදු තැකීමක් නොකරන දේවල් පසුපස හඹායමින් ඉන්නේ. මෙම තත්වය තරුණ පරම්පරාව අතින් සිදුවන අත්වැරැද්දක් ලෙසතේරුම් ගැනීමට උත්සාහ ගන්නඕන. වැරුද්ද තමයි ඔවුන්ට හොද අවස්ථා නැති කම.

07. අවසාන වශයෙන් මේ වගේ තවත් අයෙකුට ඔබලාව සම්බන්ධ කර ගන්න හිතුණොත්.

අනිවාර්යයෙන්ම හොද වැඩක් නම් අපි එකෙන්ම සහයෝගය දෙනවා. අළුත් වැඩ එක්ක කතා කරන්න. සුපුන්ට කතා කරන්න 0759229574 මිලින්දට කතා කරන්න. 0773754276

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 13:19