May 07, 2024

වාහනවල නියමිත දිනට බදු නොගෙව්වොත් 50%ක දඩයක්

සුඛෝපභෝගී අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය මෝටර් රථ සඳහා නියමිත දිනට බදු මුදල් නොගෙවන අයගෙන් සියයට පනහක (50%) දඩ මුදලක් අය කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එහි කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ මේ ආකාරයේ සුඛෝපභෝගී ඝණයට අයත් වාහන ලක්ෂ දොළහක් පමණ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇති බවය.

1995 අප්‍රේල් මස 01දින සිට අදාළ සුඛෝපභෝගී වාහන සඳහා වසර හයක් තුළ අයකර ගැනීම සඳහා බදු ක්‍රමයක් හඳුන්වා දී ඇත.බදු මුදල වාහනය ලියාපදිංචි දිනයේ සිට යළි වාහනයේ රක්ෂණාවරණය ලබා ගැනීමේදී අදාළ රක්ෂණ සමාගමට වාහනයේ හිමිකරු විසින් ගෙවිය යුතුය.

සුඛෝපභෝගී ගණයට අයත් වන්නේ සිලින්ඩර ධාරිතාව 2500 ට වැඩි ඩීසල් රථ සඳහාත්, සිලින්ඩර ධාරිතාවය 2000 ට වැඩි පෙට්‍රල් මෝටර් රථය. සුඛෝපභෝගී වාහනයක් සඳහා රුපියල් පන්ලක්ෂ පන්දහසක් බදු මුදලක් ගෙවිය යුතුය. එම මුදල වසර හයකින් අයවන අතර ප්‍රථම ලියාපදිංචියේදී රුපියල් ලක්ෂයක් අය කෙරේ. ඊළඟ වසරේ ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී රුපියල් 75000/-ක්ද, 60000/-, 50000/-, 40000/-, 30000/- යනුවෙන් බදු මුදල් වාර්ෂිකව ගෙවිය යුතුව තිබේ.

අර්ධ සුඛෝපභෝගී මෝටර් රථ සඳහා බදු මුදල් වශයෙන් රුපියල් දෙලක්ෂ හතළිස් දහසක් අය කෙරේ.සිලින්ඩර ධාරිතාව 1801 සිට 2000 දක්වා පෙට්‍රල් මෝටර් රථ හා සිලින්ඩර ධාරිතාවය 2200 සිට 2500 නොඉක්මවන ඩිසල් මෝටර් රථ සඳහා මේ බදු මුදල් අය කෙරේ.මෙසේ බදු මුදල් ගෙවීමේදී ප්‍රථම ලියාපදිංචියේදී රුපියල් 60000/-ක්ද අය කෙරේ.ඉන් පසු වසරක් පාසා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී රක්ෂණ සමාගමට බදු මුදල් රුපියල් 50000/-, 40000/-, 30000/-, 25000/-, 20000/-, 15000/- වශයෙන් වාර්ෂිකව ගෙවිය යුතුය.

අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන සඳහා රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක (140000/-) බදු මුදලක් අය කෙරේ.සිලින්ඩර ධාරිතාව 1800 වැඩි පෙට්‍රල් කැබ් රථ සඳහාත්, සිලින්ඩර ධාරිතාව 2200 වැඩි ඩීසල් කැබ් රථ දිවිත්ව කාර්ය ඝණයට අයත් වේ.මේ වාහන කාණ්ඩය ප්‍රථම ලියාපදිංචියේදී රුපියල් 25000/- අය කරනු ඇත. ඊළඟ වසරේ සිට ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී වසරකට රුපියල් 20000/-, 120000/-, 10000/-, 8000/-, 6000/- වශයෙන් වාර්ෂිකව අය කෙරෙනු ඇත.

සිලින්ඩර ධාරිතාවය 3500 අඩු සහ සින්ගල් කැබ් රථයක් ලෙස ලියාපදිංචි කළ වාහනවලින් 2013 වසරේ ජනවාරි මස 01 වැනි දිනෙන් පසු බදු මුදල් අය නොකරන බවද හරිස්චන්ද්‍ර මහතා පැවසීය.ඒ අනුව නව මෝටර් රථයක් මිළ දී ගැනීමේදී එම වාහනය කුමණ කාණ්ඩයට අයත් වාහනයක්ද, බදු මුදල් ගෙවා අවසන් කළ වාහනයක්ද යන්න මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර ගන්නා ලෙසද මහජනතාවට දැනුම් දෙයි.

නැතහොත් වාහනයක් මිලදීගෙන තමන්ගේ නමට වාහනයේ අයිතිය පවරා ගැනිමේදී බදු නොගෙවා තිබූ වාහනයක් නම් දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වනු ඇතැයිද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 15:56