May 08, 2024

ඉදිකිරීම් ප්‍රදර්ශනය ජූනි මාසයේ

ගොඩනැගිලි කර්මාන්තයට සම්බන්ධ සියලු දෑ එක් වහලක් යටතේ දැකගත හැකි ප්‍රදර්ශනයක් ලබන ජූනි 12 සිට 14 දක්වා කොළඹ බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනය මෙම ප්‍රදර්ශනය සිව්වැනි වසරටත් සංවිධානය කරයි.ඉදි කිරීම් කර්මාන්තයේ අලුත් අලුත් දෑ ප්‍රදර්ශනයේ දී දැකගත හැකි බව සංවිධායකයෝ කියති.
විදේශ නිෂ්පාදක දැවැන්තයන්ද මේ ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතය. සමාගම් 30ක පමණ සහයෝගය ඇතිව සිදුකරන චීන පැවිලියම මෙම ප්‍රදර්ශනයේ විශේෂාංගයක් බව කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ කියයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා නාගරික ඉදිකිරීම්වල විශාල පිබිදීමක් දක්නට ඇති බවත් එම ආයතනය කියයි.
Rate this item
(0 votes)