May 19, 2024

යුරෝපයට අද සිට මාළු නොයයි

ශ‍්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම අද (15) සිට අත්හිටුවීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ.

මත්ස්‍ය නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශක කර්නල් චන්න වීරතුංග සඳහන් කරන පරිදි  යුරෝපා සංගමයේ මෙම තීරණය පිළිබඳව පවතින රජයත් සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන්.

ශ‍්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය තහනම් කරන බවට යුරෝපා කොමිසම මීට පෙර මෙරටට දැනුම්දී තිබූ අතර ඊට මාස 3 ක කාලයක් ද ලබාදී තිබුණි. ඒ අනුව අද මෙලෙස මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවන බවට යුරෝපා කොමිසම දැනුම් දී ඇත. කෙසේ වෙතත් මෙම ගැටලූවට ඉදිරියේදී විසඳුමක් බලාපොරොත්තු වන බවයි මත්ස්‍ය නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශ කරන්නේ.

Rate this item
(0 votes)