May 19, 2024

Business Lossවීමට බලපාන හේතු

ඇයි අපි ව්‍යාපාරයක අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වුණාම එය අසාර්ථක ව්‍යාපාරයක් කියන්නේ?සමහර ව්‍යාපාර අසාර්ථක වෙන්නෙත් අනෙක් ව්‍යාපාර සාර්ථක වෙන්නෙත් ඇයි කියන ප්‍රශ්නය ලොව පුරා නිතරම ඇසෙන ප්‍රශ්නයකි. ලොව පුරා අසාර්ථක වූ ව්‍යාපාර ගැන සලකා බැලීමේදී ඒ බොහොමයක කඩා වැටීමට හේතු වූ පොදු කරුණු කිහිපයක් හඳුනාගත හැකි ය. සෑම ව්‍යාපාරයක්ම ආරම්භ වෙන්නේ යම් යම් අරමුණු ඉටුකර ගැනීම සඳහායි. විවිධ අරමුණු ඇති ව්‍යාපාර අපට හමුවුණත් එයින් බහුතරයක මූලික අරමුණ ලාභ ඉපැයීමයි. 

ව්‍යාපාරයක අරමුණු සාක්ෂාත් කරගත් නෙහැකි වූ කල එය අසාර්ථක යැයි පවසන්නේ ඇයි? 

ඇතැම් ව්‍යාපාර අසාර්ථක වෙන්නෙත් අනෙක් ව්‍යාපාර සාර්ථක වෙන්නෙත් ඇයි කියන ප්‍රශ්නය ලොව පුරා නිතරම ඇසෙන ප්‍රශ්නයකි. ලොව පුරා අසාර්ථක වූ ව්‍යාපාර ගැන සලකා බැලීමේ දී ඒ බොහොමයක කඩා වැටීමට හේතු වූ පොදු කරුණු කිහිපයක් හඳුනාගත හැකි ය.

සෑම ව්‍යාපාරයක්ම ආරම්භ වෙන්නේ යම් යම් අරමුණු ඉටුකර ගැනීම සඳහායි. විවිධ අරමුණු ඇති ව්‍යාපාර අපට හමුවුණත් එයින් බහුතරයක මූලික අරමුණ ලාභ ඉපැයීමයි.

ලාභ ඉපැයීම මූලික අරමුණ නොවන ව්‍යාපාර තිබේ. උදාහරණයක් වශයෙන් සමාජ සේවයේ යෙදෙන රාජ්‍ය ආයතන, සංස්ථා යනාදිය දැක්විය හැකි ය. ඒවා ව්‍යාපාර බවට පත් කෙරෙන ප්‍රවණතාවක් ලොව පුරා දකින්නට පුළුවන. මේ තීරණය සඳහා පදනම්වන එක් හේතුවක් වෙන්නේ එම සේවා වඩාත් තරගකාරී මිලකට සැපයීම සඳහා එම ආයතන උනන්දු කරවීමට ඇති අවශ්‍යතාවයි. 

මෙහි දී එම සේවය තත්ත්වය අඩු නොකර වඩාත් කාර්යක්ෂම ලෙස අඩු මිලකට සැපයීමට එම ආයතනයේ ප්‍රතිසංවිධානයක් සිදුවේවි යන බලාපොරොත්තුවක් තිබේ. එවිට මූලික අරමුණවන්නේ ලාභය නොවේ. භාණ්ඩයේ හෝ සේවාවේ නිෂ්පාදන මිල අඩු කිරීම සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමයි. එම අරමුණ ප්‍රතිසංවිධානය තුළින් සත්‍යයෙන්ම ඉටු කරනවා ද යන එක සම්පූර්ණයෙන්ම තවත් ප්‍රශ්නයකි.

ව්‍යාපාර අරමුණ කුමක් වුවත් එම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි නම් එය අසාර්ථක ව්‍යාපාරයක් ලෙස හඳුනාගත හැකිය.

ව්‍යාපාරයේ අරමුණ ලාභය නම් ලාභ උපයාගත නොහැකි ව්‍යාපාරය අසාර්ථක ව්‍යාපාරයකි. ව්‍යාපාරයේ අරමුණ කුමක් වුණත් එහි පැවැත්මට ලාභය අත්‍යවශ්‍ය නොවේ.

ව්‍යාපාරයක ලාභ නැත්නම් එය දිගින් දිගටම පවත්වාගෙන යෑමට බාහිරව මුදල් ආධාර අවශ්‍යය. පෞද්ගලිකරණයට පත් රාජ්‍ය ආයතන තුළින් බලාපොරොත්තු වූ කාර්යක්ෂමතාව ලබා ගැනීමට නොහැකි විට නැවතත් රජය මැදිහත්වීම අපට දක්නට ලැබෙන්නේ මෙවැනි අවස්ථාවලදී ය.

ව්‍යාපාරයේ කටයුතු සඳහා ණය ලබාගෙන ඇත්නම් ඒ සඳහා පොලී ගෙවිය යුතු ය. ලාභදායිත්වයක් නැතිනම් එසේ පොලී ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වේ. එපමණක් නොවේ සේවකයන්ට අවශ්‍ය වැටුප් වේතන ගෙවීම අපහසු වේ. සේවකයන් ව්‍යාපාරය තුළ රඳවා ගැනීමත් අපහසු වේ. මෙවන් තත්ත්වයක් මත සේවකයන් හොඳින් බලා ගැනීම ද අපහසු වේ. මෙහි දී සේවකයන් ආර්ථික අවශ්‍යතාව නිසාම සොරකම් කිරීමට පවා පෙලඹෙන්නට පුළුවන.

එමෙන් ම ගොඩනැගිලි සඳහා ගෙවිය යුතු කුලී, විදුලි බිල්, සැපයුම්කරුවන්ගේ ණය යනාදිය ගෙවීමට පවා අපහසු වේ. මේ තත්ත්ව යටතේ නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය යනාදිය ගෙවීමට පවා අපහසු වේ. මේ තත්ත්ව යටතේ නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය යනාදිය ලබා ගැනීම තවදුරටත් අපහසු වේ.

මේ ආකාරයට ව්‍යාපාරය වැඩිදුර පවත්වාගෙන යා නොහැකි ය. මේ හේතුවෙන් භාරගත් ඇණවුම් නිසි ලෙස ඉටු කරගන්නට නොහැකි වේ.

සමහර විට පුහුණු සේවකයන් රැකියාව හැරගොස් ඇති නිසා හෝ හොඳ තත්වයේ අමුද්‍රව්‍ය ලබාගත නොහැකි නිසා භාණ්ඩයේ හෝ සේවයේ ගුණාත්මක බව පවා අඩුවෙන්න ඇති ඉඩකඩ වැඩිය. ඇතැම්විට ලාබ පතා ඕනෑකමින් ගුණාත්මක බව අඩු කරන්න පවා ව්‍යාපාරිකයා පෙලඹෙන්න පුළුවන. මෙයින් තත්ත්වය තවදුරටත් උග්‍ර වේ.

ගනුදෙනුකරුගේ අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි වූ විට ඔවුන් ඇණවුම් භාරගැනීම හෝ දීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන. එසේ නැතිනම් ගෙවීම් අඩු කිරීමට හෝ ගෙවීම් ප්‍රතික්‍ෂේප කරන්නත් පුළුවන. අවසානයේ ව්‍යාපාරික කටයුතු හෝ අවශ්‍යතා දිගටම සපුරා ගැනීම සඳහා ඔවුන් වෙනත් සැපයුම්කරුවන් වෙත යෑමට තීරණය කරනු ඇත.

කොපමණ ධනවතකුට වුණත් දිගින් දිගටම ලාභදායී නොවන ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට ඇති ඉඩකඩ සීමිත ය. විශේෂයෙන්ම ව්‍යාපාරයේ අරමුණු ලාභදායී නොවන ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ තේරුමක් නැත. මේ වනවිට බැංකු මැදිහත් වී ව්‍යාපාරය වෙන්දේසි කරන තත්ත්වයට පත් වී නොමැති නම් ව්‍යාපාරිකයාට තම ඕනෑකමින්ම ව්‍යාපාරයේ ‍දොරගුළු ලෑමට සිදු වේ.

ව්‍යාපාර අසාර්ථකවීමට බලපාන හේතු මොනවා ද?

ව්‍යාපාරයක් අසාර්ථකවීමට බලපාන හේතු විවිධ අයුරින් බෙදා දැක්විය හැකි ය.

අප මෙහි දී එය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදමු.

ව්‍යාපාරය තුළින් හෝ ව්‍යවසායකයාගේ ගුණාංග සහ චර්යාව තුළින් පැන නගින හේතූන්.

ව්‍යාපාරයට බාහිරෙන් එන බලපෑම්.

මේ හේතූන් වෙන් ව සාකච්ඡා කිරීමට පෙර සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම් මෙහි දී සඳහන් කළ හේතු තනිවම හෝ සාමූහික ව හෝ ව්‍යාපාරයක කඩා වැටීමට බලපෑම් ඇති කරන බවයි. මතක තබා ගත යුතු වැදගත් කරුණුවන්නේ විශේෂයෙන්ම ව්‍යාපාරික ලොව තුළ දී ගොනා අනින්නෙත් ගහෙන් වැටුණු කෙනාටම බවයි.

අපි මුලින්ම ව්‍යාපාරය තුළින් හෝ ව්‍යවසායකත්වය තුළින් පැනනැඟි ව්‍යාපාරයක අසාර්ථකත්වයට හේතුවන කරුණු මෙනවාදැයි විමසා බලමු.

අසාර්ථකභාවය සහ ව්‍යවසායකත්වය

සුළු ව්‍යාපාර කඩා වැටීමට බලපාන හේතුවලින් රැසක්ම ව්‍යාපාරය තුළින්ම හෝ ව්‍යවසායකයාගේ පැවැත්ම තුළින් පැනනඟින ඒවායි. එසේ නම් කඩා වැටීම් දෙස සුබදායී ලෙස බැලුවහොත් ව්‍යාපාරය තුළින්ම හෝ ව්‍යවසායකයාගේ ඕනෑකමින්ම මේ කඩාවැටීම් වළක්වාගත හැකි බව වටහා ගනු ඇත.

මේ හේතුවලින් සමහරක්වන්නේ :

ව්‍යාපාර සැලැසුමක් නොමැතිවීම.

ව්‍යාපාරික කටයුතු මනා ලෙස සංවිධානය නොකිරීම.

සැපයුම්කරුවන් සමග කටයුතු කිරීමේ දී පරෙස්සම් සහගත නොවීම.

තම තරගකාරිත්වය හොඳින් වටහා නොගැනීම.

මූල්‍ය කළමනාකරණය ගැන අවබෝධයක් නොමැතිවීම.

පුද්ගලයන් හා සම්බන්ධතා පැවැත්වීමේ දුර්වලකම්.

තමා නියැළී ඇති කටයුත්ත පිළිබඳ පැහැදිලි දැක්මක් නොමැතිවීම.

බොහෝ ව්‍යවසායකයෝ විශේෂයෙන්ම සුළු ව්‍යාපාරිකයෝ ව්‍යාපාරයක් සාර්ථකකර ගැනීමට කැපවීම හෝ මහන්සි වී වැඩ කිරීම පමණක් සෑහේ යැයි සිතති. එහෙත් මෙය කෙතරම්දුරට සත්‍යවේ ද?

ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් කවු ද? ඔවුන්ගේ අවශ්‍යතා මොනවා ද? ඔබේ භාණ්ඩය හෝ සේවාව මගින් ඔවුන්ගේ අවශ්‍යතා නිසි පරිදි සපුරන්නේ ද? අවශ්‍යතාව ඇති අය ඔබේ භාණ්ඩය සේවාව ගැන දන්නවා ද? එහි මුල සහ ඒ සමගින් සපයන පසු භාර සේවය ගැන ඔවුන් සෑහීමට පත් වෙනවා ද? මෙවැනි දේ ගැන නිතර සොයා බැලීම අවශ්‍යය. ඔබ භාණ්ඩ හෝ සේවා නිපැයූ පමණින් ඔබේ භාණ්ඩය හෝ සේවාව මිල දී ගැනීමට එන කවුරුවත් බැඳී නොමැති බව මතක තබාගත යුතු ය. බොහෝ ව්‍යාපාරිකයෝ මේ බව අමතක කරති. තම ව්‍යාපාරික කටයුතු නිසි ලෙස හොඳින් සිතා බලා සාදාගත් සැලැසුමකින් තොරව කිරීමට යෑම ලොව පුරා ව්‍යාපාර බිඳ වැටීමට බලපාන ප්‍රබල සාධකයකි.

ඔබේ වෙළෙඳපොළ, ගනුදෙනුකරුවන් හඳුනාගෙන, නිසි අයුරින් ඒ සඳහා අවශ්‍ය සැපයුම් ලබාගෙන, ගනුදෙනුකරු සෑහීමකට පත්වන මිලකට, ඔහුට අවශ්‍ය ස්ථානයේ දී ඔහුගේ අවශ්‍යතාව සපුරාලීමටත් ඔබේ වියදම් එමඟින් පියවා ගැනීමටත් යම් අයුරක සැලසුමක් අවශ්‍යය.

තරගකාරිත්වය වැඩි වනවිට වෙළෙඳපොළ විවෘත වී ආනයන භාණ්ඩ පිටරටින් ගලා එන විට මේ අයුරින් සැලැසුම් සාදා ගැනීම තව තවත් අවශ්‍ය වේ. ලොකු ලොකු සමාගම් ඒ පිළිබඳ නිතිපතා යොමුකරන ව්‍යාපාර සැලැසුම්කරුවෝ සිටිති. සුළු ව්‍යාපාරයක අනාගතය රැඳී තිබෙන්නේ මේ සැලැසුම් කටයුත්ත කර ගැනීමට ව්‍යවසායකයාට ඇති හැකියාව මතයි.

නව ව්‍යාපාරයක් ආරම්භ කරනවිට එම කටයුත්ත කරන්නන් වාලේ කිරීම හෝ අනෙක් අය එවැන්නකට අත ගසා හොඳින් කරගෙන යන බව දුටු පමණින් තමා ද ඒ සඳහා යොමුවීම සාර්ථක නැත.

සුළු ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා මඟ පෑදෙන්නේ ව්‍යවසායකයා සතු හැකියාවන් සහ ඔහු සතු සීමිත සම්පත්, සාර්ථකව ව්‍යාපාරයේ අරමුණු කරා මෙහෙයවීමට ඔහුට ඇති හැකියාවෙනි. යම් අයෙක් මෝටර් ගරාජයක් දමාගෙන එයින් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ගත් නිසා හෝ තවත් කිහිප දෙනකු සාර්ථකව සිල්ලර කඩ පවත්වාගෙන යන නිසා එය ඔබට සුදුසු ව්‍යාපාරයක් බව තීරණය කළ නොහැකි ය.

ව්‍යාපාරික කටයුතු මනා ලෙස සංවිධානය කර නොගැනීම

ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට නම් එහි සියලු පැති කෙරෙහි අවධානය යොමු කළ යුතුය. බෙහෝ විට විශාල ව්‍යාපාරයක් මෙන් විවිධ අංශවල කටයුතු පිළිබඳ වගකීම පැවැරීමට හෝ වගකීමක් ගෙන කටයුතු කිරීමට හැකියාවක් හෝ ඕනෑකමක් ඇති අය සුළු ව්‍යාපාරයක් තුළ දක්නට නොලැබෙයි. මේ හේතුවෙන් සුළු ව්‍යාපාරිකයා මත ඒ සියලු වගකීම් පැවැරෙයි.

නිෂ්පාදන, භාණ්ඩ හෝ සේවාවල තත්ත්වය, ගනුදෙනුකරුවන් සොයා ගැනීම, අමුද්‍රව්‍ය සැපයුම නොකඩවා පවත්වා ගැනීම, නිසි කලට සැපයුම්කරුවන්ට හා සේවකයන්ට ගෙවීම් කිරීම, ගනුදෙනු පිළිබඳ පොත්පත් තබා ගැනීම, නිසි කලට බදු, ණය හා පොලී ගෙවීම්, තමාට ලැබිය යුතු ආදායම් අයකර ගැනීම, ව්‍යාපාර ආයතනය, වාහන, යන්ත්‍රෝපකරණ යනාදියෙහි නඩත්තු කටයුතු මෙන් ම සේවකයන් පුහුණුව, පාලනය, දිරිමත් කිරීම යනාදිය ද ඔහු දිනපතා සොයා බැලිය යුතු අංශ අතරට අයත් වේ. 

ඔබේ ව්‍යාපාරයේ, ඔබ විසින් ඉටු කරනු ලැබිය යුතු තවත් වගකීම් රැසක් හඳුනා ගැනීමට ඔබට හැකියාව ඇත. ව්‍යාපාරය නම් දිගු ගමනේ, නොනැවතී පය නොපැකිළව ඉදිරියට යෑමට නම් මේ සියළු වගකීම් දවසේ පැය 24 තුළ දී සහ සතියේ දින 07 ක් තුළ දී ඉටුකර ගැනීමට හැකියාවක්, ඕනෑකමක් ව්‍යවසායකයා තුළ තිබිය යුතු ය.

ව්‍යාපාරිකයාගේ සංවිධාන ශක්තිය දුර්වලනම් මේ සියල්ල නොපිරිහෙළා ඉටු කිරීමට ඔහුට හැකි නොවේ. තම ගෙවීම් අතපසු වූ විට සැපයුම්කරුවෝ උරණ වෙති. භාණ්ඩ හෝ සේවාවේ ගුණාත්මක අගය බාල වුවහොත් ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය ප්‍රමාණවත් නොවී දිගටම කටයුතු කරගෙන යෑම දුෂ්කර වේ. මේ අතර බිල් නොගෙවීම නිසා විදුලි බලය හෝ දුරකතන සම්බන්ධතා කපා හැරියහොත් ව්‍යාපාරය දිගටම පවත්වා ගැනීමට තර්ජන ගර්ජන කිරීමෙන් ඔවුන් උරණව තව තවත් ප්‍රශ්න මතුවිය හැකිය. මෙසේ හෙයින් එදිනෙදා කළ යුතු දේ නිසි කලට කිරීමට යම් සංවිධානයක් අත්‍යවශ්‍යය.

පාරිකයා එදිනෙදා කළ යුතු දේ අසීමිත බව පෙනී යයි. මේ අවස්ථාවේ දී මුලින්ම කළ යුතු දේ කුමක් ද යන්න තෝරා ගැනීම අත්‍යවශ්‍ය ය. කළ යුතු දේ අප්‍රමාණ වූ විට බොහෝ ව්‍යවසායකයෝ එම සියලු දේ ක්‍රමානුකූලව සටහන් කරගෙන එයින් යම් යම් වැදගත් දෙයට ප්‍රමුඛත්වයක් ලබාදීම වෙනුවට තමාට ප්‍රියවන කාර්යයන්හි නිරත වෙති. ඉන්ජිනේරු පසුබිමක් ඇති ව්‍යවසායකයෝ නිෂ්පාදන කාර්යය හෝ භාණ්ඩයේ තත්ත්වය දෙස බලති. අලෙවිකරණ පසුබිමක් ඇත්තෝ අලුත් ගනුදෙනුකරුවන් සොයා යෑමට හෝ පැරැණි ගනුදෙනුකරුවන් හමුවීමට හෝ යොමුවෙති. මෙය සාමාන්‍ය මනුෂ්‍ය ගතියකි. නමුත් මේ දුර්වලතාවලින් නොමිදෙන ව්‍යවසායකයාගේ ව්‍යාපාරය පරිහානිය කරා වේගයෙන් ගමන් කරයි.

ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා එහි සියලු අංශ වෙත නිසි අවධානය යොමු කරවිය යුතුය.

සැපයුම්කරුවන් සමග කටයුතු කිරීමේදී පරෙස්සම් සහගත නොවීම

සැපයුම්කරුවෝ බොහෝ විට ව්‍යාපාරයට බාහිර පුද්ගලයෝ වෙති. මෙහිදී අප පෙන්වා දෙන්නේ හුදු සැපයුම්කරුවන්ගෙන් එන බලපෑම් පිළිබඳව නොව ඔවුන් සමගින් ගනුදෙනු කරනවිටදී ව්‍යවසායකයාගේ හැසිරීම පිළිබඳවයි.

සැපයුම්කරුවන් ඔබ සපයන භාණ්ඩ හෝ සේවාවේ තත්ත්වය අනුව ඔබට ඔබේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීමේ හැකියාව තීරණය වේ. එබැවින් ඔබ නිසි පරීක්ෂාවකින් තොරව බාල තත්ත්වයකින් යුතු භාණ්ඩ හෝ සේවා පිළිගැනීම නොකළ යුතු ය. පරීක්ෂාකාරීව සොයා බැලීමකින් තොරව ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය දෑ මිල දී ගැනීමෙන් ඔබ කරන්නේ ඔබේ නිෂ්පාදන මිල අනවශ්‍ය ලෙස වැඩිකර ගැනීමයි. මෙහි දී ඔබේ ව්‍යාපාරයේ තරගකාරී බව ඉබේම අඩුවෙයි.

තවද එක සැපැයුම්කරුවකු මත මුළු ව්‍යාපාරයම පැවැත්ම රැඳී තිබීම අති අවදානම් තත්ත්වයකි. එමගින් එම සැපයුම්කරු හට ඔබේ ව්‍යාපාරයට ඔහුට අවශ්‍ය අයුරින් බලපෑම් කිරීමට සැපයුම හෝ මිල අඩු කිරීම හෝ සැපයුම ඕනෑම විටෙක නැවැතීමට නිදහස ලැබේ. තම නිෂ්පාදන කාර්යාවලිය නොකඩවා පවත්වාගෙන යෑමට අවශ්‍ය ස්ථාවරය අමුද්‍රව්‍ය සැපයුමක් නොමැතිවීම නිසා බිඳ වැටුණු ව්‍යාපාර බොහෝ ය. තම සැපයුම්කරුවන් අත්තනෝමතික ලෙස මිල ගණනක් ඉහළ දැමීමෙන් බිඳ වැටී ඇත්තේ සුළු ව්‍යාපාර පමණක් නොවේ. ඉතා ස්ථාවර දැවැන්ත ව්‍යාපාර පවා මේ අනතුරට ගොදුරු වී ඇත.

තම තරගකාරිත්වය හොඳින් වටහා නොගැනීම

තරගකරුවෝ ව්‍යාපාරයට පරිබාහිරව කටයුතු කරති. එහෙත් මෙහිදී ද අපට වැදගත්වන්නේ තරගකරුවන් සහ තරගකාරිත්වය පිළිබඳ සුළු ව්‍යාපාරිකයා දරන ආකල්ප සහ ඒමත පිහිටා ඔහු ක්‍රියාකරන ආකාරයයි.

මෙහිදී ව්‍යාපාරිකයා තමා වෙත නැඟිය යුතු ප්‍රශ්න කිහිපයකි.

තමාගේ තරගකරුවන් කවු ද?

ඔවුන්ගේ දක්ෂතාවන් හෝ ශක්තීන් මොනවා ද?

ඔවුන්ගේ දුර්වලතාවන් මොනවා ද?

මෙපමණකින් සෑහීමකට පත්නොවී ව්‍යාපාරිකයා තමාගේ ශක්තීන් හා දුර්වලතාවන් ද තරගකරුවන්ගේ ගුණාංග හා සංසන්දනය කළ යුතු ය. මේ සංසන්දනයේ දී යොදාගත යුත්තේ ඔබේ දේපොළ හෝ ඔබ සැම සපයන භාණ්ඩයේ ගනුදෙනුකරුවාට වැදගත්වන අංගය.

උදාහරණයක් වශයෙන්, ඔබ සපයන සීනි පැකැට්ටුවේ පිටත පින්තූරය ඔබ සිතන අයුරින් එතරම් ලස්සන නොවේ යැයිද ඔබේ තරගකරුවන්ගේ පැකැට්ටුවේ පින්තූරය ඉතා ප්‍රසන්න වේ යැයිද සිතමු. ඔබේ ගනුදෙනුකරුවාට මෙය කොපමණ වැදගත් වේද යන්න මෙහිදී සලකා බැලිය යුතුය. සීනි පැකැට්ටුවේ ඇති කුණු හෝ රොඩු සහ තෙතමනය ඔහුට වඩා වැදගත් විය හැකිය. නැතහොත් පිරිසුදු ලෙස රාක්කයේ ආහාර සමග අසුරා තැබීම, කරවල සමග සබන් අසලින් අසුරා තිබීම ඔහුට වඩා වැදගත් විය හැකිය.

තම ගනුදෙනුකරුගේ දෘෂ්ටි කෝණයෙන් තමා සපයන භාණ්ඩ හා සේවා තම තරගකාරිත්වය සපයන දෑ සමග සංසන්දනයට භාජන කරන ව්‍යාපාරිකයා අසාර්ථක බවට අතවනා ආරාධනා කරයි. විශේෂයෙන්ම තම තරගකරුවන් මේ අයුරින් ගනුදෙනුකරුගේ අවශ්‍යතා සොයා බැලීමට උනන්දුවන විට එය අමතක කරන ව්‍යාපාරිකයා අසාර්ථකවීමට එතරම් කල් ගත නොවනු ඇත.

දවසක ගනුදෙනු නිසා අතට ලැබෙන මුදල ව්‍යාපාරයේ ආදායමයි. එයට අදාළ ලාභය වනුයේ තම සැපයුම්කරුවන් සහ වෙනත් වියදම් යනා දී සියල්ලට ගෙවිය යුතු ගෙවීම්වලින් පසු ඉතිරිවන ප්‍රමාණයයි. 

Rate this item
(6 votes)