May 04, 2024

රක්ෂණ ආවරණ වැඩි කෙරේ

December 26, 2014

2015 අයවැය මගින් නිවේදනය කරන ලද 50% කින් තැන්පතු රක්ෂණ ආවරණය වැඩි කිරීමේ තීරණයට අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය එක් ආයතනයක එක් තැන්පතු හිමියෙකු සඳහා සිය තැන්පතු රක්ෂණ ආවරණය 2015.01.01 සිට බලපැවැත්වෙන පරිදි රු.200,000/- සිට රු.300,000/- දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ.

සංශෝධිත රක්ෂන ආවරණයට අදාළ රෙගුලාසි 2014අංක 1දරණ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි යන හැඳින්වීම යටතේ 2014 දෙසැම්බර් 02දින අංක 1891/11දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 December 2014 13:00