May 04, 2024

පාප්තුමාගේ සංචාරයට Mobitel එක්වෙයි 

December 27, 2014

එළැඹෙන ජනවාරියේ ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරයෙහි නිල ජංගම දුරකතන සහකරු ලෙස ජාතික ජංගම දුරකතන ජාලයවන මොබිටෙල් ආයතනය කයයුතු කරයි. 

 

ශුද්ධෝත්තම පියතුමන් විසින් එළැඹෙන 2015 වසරේ ජනවාරි මස 13 වැනි දා සිට 15 වැනි දා දක්වා තෙදින සංචාරයක නිරතවන අතර උන්වහන්සේ ගාලු මුවදොර පිටියෙහි පවත්වන ලබන දේව මෙහෙය සඳහා මෙරට ලක්ෂ සංඛ්‍යාත කිතුනු බැතිමතුන් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි දී භාග්‍යවත් ජුසේවාස් පියතුමන් සාන්තුවරයට එසැවීම ද සිදුවෙයි.

 

‘‘විසි වසරකට පසුව ආගමික වශයෙන් ලෝකයේ ඉහළම ගෞරවයක් මෙරටට ගෙන දෙන මෙවන් උසස් අවස්ථාවක් සඳහා අපගේ දායකත්වය සැපයීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි නිහතමානීව සතුටු වෙනවා. අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සැපයීමට කැපවී කටයුතු කරන අතර මොබිටෙල් ආයතනයට මෙවන් උතුම් වූ අවස්ථාවක් සමග මෙරට ජනතාව සම්බන්ධ කරන්නට අවස්ථාව ලැබීම සැබවින්ම භාග්‍යයක්. ජාත්‍යන්තර වශයෙන් ආකර්ෂණය හිමිවන මෙම අවස්ථාවෙහි සිදුවීම් මෙරට සහ ලෝකයේ වෙසෙන බැතිමතුන් කරා එසැණින් ගෙන ඒමෙහි කි‍්‍රයාවලිය සවිබල ගැන්වීමට මොබිටෙල් කටයුතු කරන අතර එතුළින් එම අවස්ථාව සජීවීව ලෝ පුරා නරඹන්නන් වෙත ගෙන යාමටත් ඒ පිළිබඳ නවතම තොරතුරු සන්නිවේදනය කිරීමටත් අපි කටයුතු කරනවා.  ජංගම සන්නිවේදනයෙහි සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතල සැපයීමෙහි ප‍්‍රමුඛයා වන මොබිටෙල්හි අසමසම විශේෂඥතාව සමගින් මෙම අවස්ථාව සාර්ථකත්වය කරා රැගෙන යන්නට හැකිවෙතැයි අපි මහත්සේ විශ්වාස කරනවා.’’ යනුවෙන් ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් පිහිටුවා ඇති තොරතුරු සහ මාධ්‍ය ලේකම් කාර්යාලය සමග ඇතිකරගත් සහයෝගිතාව පිළිබඳ අදහස් දක්වන මොබිටෙල්හි අලෙවිකරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී නලින් පෙරේරා මහතා මෙසේ පැවසී ය.

 

ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මෙසේ දායකත්වයක් සැපයීමට මොබිටෙල් ආයතනය පෙරමුණ ගෙන තිබේ. ගාලු මුවදොර පිටියෙහි පවත්වන දේව මෙහෙය මෙන්ම උන්වහන්සේ මෙරටට සැපමිණීම මිලියන ගණනක් ජනතාව වෙත වෙබ් අවකාශය හරහා රැගෙනයන්නට සිය තොරතුරු සන්නිවේදන තාක්ෂණ විශේෂඥතාව සහ සහාය දැක්වීමට මොබිටෙල් ඉදිරිපත්ව සිටී.

 

Rate this item
(0 votes)