May 04, 2024

Softlogic Office Automation තවමත් ඉදිරියෙන් 

December 25, 2014

දශක දෙකහමාරකට වඩා අධික කාලයක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පැවැතිය හැක්කේ පාරිභෝගික විශ්වාසය හොඳින් දිනාගත් ආයතනයකට පමණකි. 1992 ආරම්භ කළ සොෆ්ට්ලොජික් (Softlogic) ආයතනය අද වනවිට විවිධ ව්‍යාපාරික අංශ රැසක අතු පතර විහිදා වැඩුණු මහා වෘක්ෂයක් වී ඇත.

 

තොරතුරු තාක්ෂණ අංශයේ ඉදිරියෙන්ම සිටින අතර ආසිරි රෝහල් සමූහය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද, රක්ෂණ, මූල්‍ය අංශවල ද පැතිරී ඇති මේ ආයතනය 2006 වසරේ දී යුනිවෝකර් සමාගම තමා සතුකරගෙන කාර්යාල ස්වයංක්‍රිය කරණය කරා යොමු විය.

 

ශ්‍රී ලංකාවේ ඔෆිස් ඔටෝමේෂන් ක්ෂේත්‍රයේ අංග සම්පූර්ණ අවශ්‍යතා සපයන ප්‍රධානම ආයතනයක් වී තිබෙන සොෆ්ට්ලොජික් ඔෆිස් ඔටෝමේෂන් අවිවාදයෙන්ම එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වී අවසාන ය. 

 

ඡායා පිටපත් කලාවේ ප්‍රමුඛයා ලෙස ලොව විශ්ෂ්ටතම ප්‍රින්ටර්ස් සහ ෆොටෝකොපි යන්ත්‍ර පාරිභෝගිකයාට ලබා දෙයි. මෙයට අමතරව ටෙලිෆෝන්, ෆැක්ස්, ප්‍රොජෙක්ටර්ස්, වායු සමීකරණ යන්ත්‍ර පරිපූර්ණ ඔස්ටෝරියම් සවුන්ඩ් සිස්ටම්, බෝර්ඩ් රූම් සවුන්ඩ් සිස්ටම්, වීඩියෝ වෝල්, කාර්යාලයේ කේබලින් කටයුතු (දත්ත, ශබ්ද සහ විදුලිබලය) යනාදී කාර්යාලයකට අවශ්‍ය ඕනෑම සේවයක් මේ ආයතනයෙන් ලබාගත හැකි ය.

 

කුඩා, මධ්‍යම සහ විශාල ඕනෑම ආයතනයකට ගැළපෙන ලෙස පරිපූර්ණ සේවයක් සැපයීමට මේ සමාගම සූදානම් ය. ඕනෑම සමාගමකට අවශ්‍ය හැම ඔෆිස් ඔටෝමේෂන් ක්‍රියාවලියකටම අදාළ සේවය සැපයීමේ විසඳුම් ඔවුන් සතු ව ඇත.

 

විනාඩියට කොළ 20 සිට 288 දක්වා පිටපත් කළ හැකි කුඩා ප්‍රමාණයේ සිට අධිවේගී ඡායා පිටපත් යන්ත්‍ර මේ ආයතනය සතු ව තිබේ. තව ද ඕනෑම කර්මාන්තයකට උචිත නූතන තාක්ෂණයෙන් යුක්ත පරිගණක යන්ත්‍ර ලබාදෙමු. 

 

නවීන තාක්ෂණයෙන් යුක්ත ඩිජිටල් වයිට් බෝර්ඩ්වල එකවර මුහුණත් කිහිපයක් තිබෙන අතර එහි සටහන් කරනදේ මුද්‍රිත පිටපතක් ද ලබාගත හැකි ය. සම්පූර්ණ පරිගණක දත්ත ද මේ ආකාරයෙන් තිරයට ගත හැකි ඉලෙක්ට්‍රොනික් වයිට් බෝර්ඩ් නවීන ව්‍යාපාරික හා අධ්‍යාපනික ඉදිරිපත් කිරීම්වලට මනා පිටිවහලකි. 

 

මේ නිසා සියලු දෙනාට එකතැනකට ඒමට දුර බැහැර ගෙවාගෙන ප්‍රවාහනයට, නවාතැන්වලට යන වියදමත් ඒ සඳහා නාස්තිවන කාලයත් ඉතුරු කරගත හැකිවීම පෙන්වා දිය හැකි ය.

 

සොෆ්ට්ලොජික් සමාගමේ මේ ආකාරයෙන් ලබාදන සමස්ත සේවය රට පුරා ලබාගත හැකි පාරිභෝගිකයාට ඉමහත් පහසුවකි. රටපුරා ශාඛා 180කට වඩා තිබීම මෙයට ඇති හොඳම නිදසුනයි. සොෆ්ට්ලොජික් ඔෆිස් ඔටෝමේෂන් සමාගම විශ්වාසය සුරකින විශිෂ්ට සේවයක් සලසන එම ක්ෂේත්‍රයේ පුරෝගාමී ප්‍රමුඛත ම සමාගමක් ලෙස ඉදිරියෙන්ම සිටියි.

Rate this item
(0 votes)