May 04, 2024

රජයේ යතුරුපැදි ඇනවුමෙන් අමතර කොටස් ඉහළට

December 23, 2014

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවේ බජාජ් සමාගමෙන් “ඩිස්කවර්“ යතුරු පැදි 125,000 ක් මිලදී ගැනීමට එකඟවීමේ පුවත ඉකුත් සතියේ අපි ඔබට වාර්තා කළේය. ඒ අනුව මේ බව විට බජාජ් සමාගමේ කොටස් මිල ඉහළ ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බජාජ් සමාගම විසින් එරට කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ දෙවැනි ඇනවුමට අදාළ යතුරු පැදි ඉදිරි මාස 3-4 ඇතුළත ලංකාවට එවන බවයි.

මෙය රජය විසින් බජාජ් සමාගමෙන් සිදුකර තිබෙන දෙවැනි ඇනවුම බවත් මීට පෙර“ඩිස්කවර්“ යතුරු පැදි 50,000 ක් බජාජ් සමාගමෙන් ඇනවුම් කර තිබුණු බවත් ඉන් යතුරු පැදි 48,000 ක් පමණ මේ වනවිටත් ලංකාවට එවා තිබෙන බවත් සඳහන්ය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 December 2014 11:45