May 04, 2024

ව්‍යාපාරිකයන්ට ලිපිවලින් වාසියක් 

December 20, 2014

මුහුණට මුහුණලා හමුවෙන්නට බැරි අවස්ථාවක අමතන්න පුළුවන් ක්‍රමයක් තමා ලියුම් යැවීම. මෙය දැන් අලෙවිකරණ ක්‍රියාවලියටත් පැමිණ තිබේ. යුරෝපයේ බොහෝ ප්‍රචලිත මෙම ක්‍රමය දැන් දැන් ශ්‍රී ලංකාවෙත් ජනප්‍රිය වෙනවා. මෙයින් අදහස් කරන්නේ තමන්ට අවශ්‍ය ගනුදෙනුකරුවකු සමග ලිපියක්, නැතිනම් තැපැල් මගින් ඇමැතීම. මෙය ජනප්‍රිය වන්නට හේතු ගණනාවක් හොයාගන්නට පුළුවන්. 

 

සාම්ප්‍රදායික මාධ්‍යවන ගුවන් විදුලිය, රූපවාහිනිය හා පුවත්පත් ඇතුළු මුද්‍රිත මාධ්‍යයන්හි ඇති කලබලය හෙවත් වෙළෙඳ පණිවුඩවලින් ගහනවීම, ඒ ඒ මාධ්‍යයන්හි ප්‍රචාරයට යන වියදම අධිකවීම හා විශේෂයෙන්ම එවැනි මාධ්‍යයකින් කුඩා පිරිසකට අමතන්නට බැරිවීම මේ ප්‍රධාන හේතු අතර තිබෙනවා.

 

ලියුම් යැවීමමුහුණට මුහුණලා හමුවෙන්නට බැරි අවස්ථාවක අමතන්න පුළුවන් ක්‍රමයකි. මේ අතරින් වඩාත්ම වැදගත් කරුණ ලෙස දකින්නට පුළුවන් වන්නේ සුළු පිරිසක් ආර්ථික වශයෙන් ඵලදායි ලෙස අමතන්නට ඇති අපහසුව. අපේ රටේ යම් තරමකවත් ප්‍රාදේශීය ලක්‍ෂණ පෙන්වන්නේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා පමණයි. නමුත් එය එතරම්ම ප්‍රමාණවත් නැහැ. මීට අමතරව විවිධ වූ පුද්ගලයන්ට යම් යම් පණිවුඩ දිය යුතු සුවිශේෂ බවක් තිබිය හැකි ය. මෙයටත් සාම්ප්‍රදායික මාධ්‍යවලින් එතරම් ඉඩකඩක් නැහැ.

 

අනෙක් අතට සාම්ප්‍රදායික මාධ්‍යයන් ඔස්සේ තම පණිවුඩය කී දෙනෙක් වෙත ගියාද කී දෙනෙක් ඊට ප්‍රතිචාර දැක්වුවා ද යන්නත් දැනගන්නට පුළුවන් කමක් නැහැ.

 

මේ සීමා සමග තොරතුරු හෙවත් දත්ත සැකසුම් තාක්‍ෂණයේ දියුණුවත් තැපැල් මගින් වෙළෙඳාමට ඉඩ පාදා දී තිබේ. තැපැල් මගින් වෙළෙඳාදාම් කිරීමේ මුල් අවස්ථාව හෙවත් අඩිතාලම තමා තම ඉලක්ක ගත පාරිභෝගික කණ්ඩායම තීරණය කර ගැනීම. එය ලංකාවේ සිටින සියළු වෛද්‍යවරුන් වැනි පළල් පරාසයක සිට මහනුවර අවට සිටින වයස අවුරුදු 40-50 අතර විවාහක පිරිමි වෛද්‍යවරුන් වැනි ඉතා කුඩා කුලකයක් දක්වා සියුම් කර ගන්නට පුළුවන්.

 

මෙවැනි ව්‍යායාමයක සාර්ථක අසාර්ථක භාවය රඳා පවතින්නේ එම පාරිභෝගික විස්තර තමන් සතුව තිබීම මත. ඇත්තටම මෙම දත්ත පදනම් ඇති ආයතන ඒ පිළිබඳ විශේෂත්වයක් දක්වනවා. ඔවුන් පුද්ගලයන් පිළිබඳ තොරතුරු එක්රැස් කර ගනිමින් ඒවා පරිගණක ආශ්‍රයෙන් විවිධ සංයුතීන්ට ගැළපෙන ලෙස සකසා ගන්නවා.

 

මේ සඳහා යම් යම් වෘත්තිකයන්ගේ ආයතනයන් මගින් පළ කරන නාමාවලි, දුරකතන නාමාවලි, විවිධ භාණ්ඩ මිල දී ගන්නා අයගේ නාමාවලි, සමිති සමාගම්වල සාමාජික නාමාවලි, ව්‍යාපාරික ආයතනයන්හි නිල තල හොබවන්නන්ගේ නාමාවලි වැනි විවිධ ක්‍රමවලින් එම දත්ත පදනම ගොඩ නගා ගන්නවා.

 

මෙම තැපැල් අලෙවි සේවා සපයන ආයතනයක දක්‍ෂතාවවනුයේ හැකි තරම් නිවැරැදි තොරතුරු ඉතා කුඩා කුලකයන් දක්වා ඉලක්ක කර ලිපි යැවීමට ඇති හැකියාව.

 

යම් අලෙවිසැලක භාණ්ඩ මිල දී ගත් පසු පාරිභෝගික නම, ලිපිනය වැනි විස්තර සඳහන් කූපන අතරෙන් කුසපත් ඇදීම් පවත්වන විටත් මෙවැනි විශාල එමෙන්ම ගුණාත්මක බවින් වැඩි තොරතුරු ගොඩනගා ගන්න පුළුවන්.

 

ඊළඟට වැදගත්වන්නේ එකම නම විවිධ තැන්වල තිබීම මග හරවා ගැනීම. මෙය සිදුකිරීමට පරිගණක සැලසුම් සමත් වනවා. එයට ඔවුන් කියන්නේ 'එකතු කිරීමයි ඉවත් කිරීමයි' ලෙස අපට එය හැඳින්විය හැකි ය.

 

මෙය සාර්ථක නොවුවහොත් ලිපි විශාල සංඛ්‍යාවක් නාස්තිවන්නට පුළුවන්. ඒ වගේම තමයි පදිංචිය වෙනස්කර ඇති අවස්ථා ද හඳුනා ගැනීමට පුළුවන්වීම.

 

නිවැරැදි ලිපිනයන් එකතු කරගත් පසු වැදගත් වනුයේ තම පණිවුඩය සාර්ථකව නිර්මාණය කර ගැනීම. බටහිර රටවල විශාල සංඛ්‍යාවක් මෙවැනි අලෙවි ලිපි යැවෙන නිසා ඔවුන් එයට කුණු ගොඩවල් තැපෑලෙන් ඒම යන්නයි. එවැනි තත්ත්වයක් යටතේ විශාල වශයෙන් අලෙවි ලිපි ලැබෙන තැනැත්තෙක් ඒ සියල්ල කියවන්නේවත් නැතිව කුණු ගොඩට විසි කරන්නට පුළුවන්. මෙය වැදගත් ප්‍රශ්නයක්වන්නේ ආර්ථික ශක්‍යතාවත්, මෙවැනි අලෙවි ලිපි ලැබීමත් අතර නියත සබඳතාවක් තිබීමත් නිසා. මිලයට ගැනීමට හැකි අයටමනේ එයට බලකරන්නේ. මේ තත්ත්වය යටතේ ලියුම්කවරයේ පටන් සැලසුම් කරන්නට සිදුවෙනවා සාර්ථක ප්‍රතිචාරයක් සඳහා.

 

පළමු අභියෝගය තමා ලිපිය නියමිත තැනැත්තා අතටම පත් කරවීම. කාර්යාලයීය ලිපිනයට ලියුම් යවන විට උසස් නිලයක් දරන තැනැත්තකු වෙතට යන ලියුම් මුලින් කියවන්නේ ලේකම්වරිය නිසා බොහෝ අලෙවි ලියුම් ඇ පසුකර යන්නට සමත්වන්නේ නැහැ.

 

ලිපිය ඉලක්ක ගත පාරිභෝගිකයාගේ අතට පත් කළ පසු ඔහු ලවා ලිපිය කියවා ගැන්ම ඊළඟ අභියෝගය. මේ සඳහා කුතුහලය දනවන පාඨයක් කවරය පිටත මුද්‍රණය කිරීම, විවිධ හැඩතල හා වර්ණවලින් යුත් කවර භාවිත කිරීම වැනි උපක්‍රමවල පටන් 'ඉතා හදිසියි' 'පෞද්ගලිකයි' වැනි විශේෂණ සඳහන් කිරීම, අතින් ලිපිනය ලිවීම වැනි ක්‍රම දක්වා විවිධ උපාය මාර්ග යොදවා ගැනෙනවා. ඊළඟට ඇත්තේ ලිපිය කියවා ගැන්ම. පරිගණක තාක්‍ෂණයේ උපකාරයෙන් දැන් පුළුවන්කම තිබෙනවා යම් පුද්ගලයකුගේ නමටම ලිපිය සකස් කරන්න. හිතවත් සේනාරත්න මහතාණනි, වැනි පෞද්ගලික ඇමතුමක් දක්වා ලිපිය ඔහුට සමීප කරන්නට පුළුවන්. ලිපියේ අස්සන නිල් පාටින් මුද්‍රණය කරන්නට පුළුවන්. ලිපියේ අස්සන නිල් පාටින් මුද්‍රණය කිරීම එය සැබෑ ලිපියක් බව පෙන්වනවා. ලිපිනයක් නැති නම් මුද්‍රිත ප්‍රකාශනයක් එසේත් නැතිනම් තම භාණ්ඩයේ කුඩා සාම්පලයක්, සවන් දීමට ශ්‍රව්‍ය කැසට් පටයක්, එසේත් නැත්නම් වීඩියෝ කැසට් පටයක්, සංයුක්ත තැටියක්, පරිගණක ඩිස්කට් එකක්, මෙවැනි විවිධ දේ තැපෑලෙන් යවන්න පුළුවන්.

 

කෙසේ වුවත් ලිපියේ සාර්ථකත්වය රඳා පවත්නේ එය කියවන්නාට වාසියක් ගෙන දෙන යමක් සහිත පණිවුඩයක් බව විගසින් ඒත්තු ගැන්වීමට සමත් වුවහොත් පමණි.

 

බොහෝ විට ලිපියේ සමස්ත පණිවුඩය අරුත රැගත් පාඨයක් ප.ලි. (පසුව ලියමි) ලෙස අස්සනට පහළින් සඳහන් කිරීම තවත් සාර්ථක උපක්‍රමයක්.

 

පටන් ගත් මොහොතේ පටන් එක හුස්මට කියැවිය හැකි කියැවීමෙන් පසු අපේක්‍ෂිත ක්‍රියාවට කියවන්නා පෙළඹවිය හැකි ලෙස ලිපි සැකැස්ම ඉතා වැදගත්.

 

බොහෝ තැපැල් අලෙවි ලිපිවල පිළිතුරු එවීමට තැපැල් ගාස්තුව කලින් ගෙවූ තැපැල් පත් හා ලියුම් කවර තිබෙනවා. මේ පහසුකම් යම් මුදලක් ගෙවා තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකියි.

 

ඉතා හොඳ තැපැල් සේවයක් තිබෙන අප රටේ කුඩා ව්‍යාපාරිකයන්ට තැපැල් අලෙවි ලිපි හොඳ වාසි ගෙන දෙනු ඇත.

 

Rate this item
(0 votes)