May 04, 2024

අපනයන ආදායම පහත වැටේ

December 16, 2014
ඉකුත් ඔක්‌තෝබර් මාසයේ ලංකාවේ අපනයන ආදායම සියයට 13.7 කින් පහත වැටී ඇත.මේ අනුව ගිය වසරේ (2013) ඔක්‌තෝබර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 1041.3 ක්‌වූ අපනයන ආදායම මේ වසරේ (2014) ඔක්‌තෝබර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 898.57 ක්‌ දක්‌වා අඩුවී ඇත.මුළු අපනයන ආදායම නියෝජනය කරන කාර්මික අපනයන ආදායම සියයට 14 කින්ද, කෘෂිකාර්මික අපනයන ආදායම සියයට 10.3 කින් සහ ඛනිජමය සහ වෙනත් අපනයන ආදායම සියයට 66.2 කින්ද ඉකුත් අප්‍රේල් මාසයේදී අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය.
 
මේ අතර ගිය වර්ෂයේ (2013) පළමු මාස දහයට සාපේක්‌ෂව, මේ වසරේ (2014) මාස දහයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 8374.7 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 9186.7 ක්‌ දක්‌වා සියයට 9.7 කින් වර්ධනය වී ඇතැයිද එහි සඳහන් විය
Rate this item
(0 votes)