May 05, 2024

තෙල් මිල අඩු වූවත් නිෂ්පාදන අඩු නොවේ

December 14, 2014

වේගයෙන් කඩා වැටෙමින් පවතින තෙල් මිලට මුක්කු ගැසීමක් ලෙස බොරතෙල් නිෂ්පාදනය අඩු නොකරන බව ඔපෙක් සංවිධානයේ මහලේකම් අබ්දල්ලා සලීම් එල්-බද්රි පවසයි.

ඔපෙක් සංවිධානයේ මහ ලේකම්වරයා ඩුබායි නුවරදී මේ පිළිබඳව සහතිකයක් ලබා දෙමින් ඒ බව පවසා ඇත.

පසුගිය සිකුරාදා වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.62 කටත් වඩා අඩු වූ අතර, එය 2009 වසරින් පසුව වාර්තා වූ පහළම අගය ලෙස සැලකෙයි.

Rate this item
(0 votes)