May 05, 2024

Google ලංකාවේ පාරවල්වල ඡායාරූප ගනී

December 12, 2014

ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම 'ස්ට්‍රීට් වීව්' (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම අද (12දා) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසා ඇත.

මේ පිළිබඳව දැනුම්වත් කරමින් ඊයේ (11දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලීන් මහත්මිය මෙය නිවේදනය කළාය.

ඒ අනුව, අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මගින් දිවයිනේ විවිධ මාර්ගවල අංශක 360 ක ඡායාරූප ගැනීම සිදුකිරීමට නියමිතය. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශවලින් ආරම්භ වන මෙය දිගුකාලීන ආයෝජනයක මුල් පියවර වන බවත්, ස්ට්‍රීට් වීව් වැඩසටහන යටතේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ත දිවයිනම ඡායාරූප ගැනීමට කටයුතු කරනු ඇති බවත් එහිදී සඳහන් විය.

 

Rate this item
(0 votes)