May 05, 2024

නැණසලට බිල්ගෙට්ස්ගෙන් ඩොලර් දශ ලක්ෂයක් 

December 10, 2014

ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 150ක් අතුරින්  ලොව විශිෂ්ඨතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතිය‍ ලෙස “නැණසල” ව්‍යාපෘතිය  බිල් ගේට්ස් සම්මානයෙන් පිදුම්ලත් අතර එකී දිනාගත් ත්‍යාග මුදල සහ මෘදුකාංග ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට අරලියගහ මන්දිරයේදී (09දා) පිරිනැමිණි.

ඒ අනුව අන්තර්ජාතික බිල් ගේට්ස් “අධ්‍යන ප්‍රවේශ” (“Access to Learning”) සම්මානය සහ අමෙරිකානු ඩොලර් දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් මෙන්ම  අමෙරිකානු ඩොලර් 23 ලක්‍ෂයක් වටිනා මෘදුකාංග ද මෙරටට ලැබිණි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ආයෝජන වැඩි කිරීමටද මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන අතර තොරතුරු තාක්‍ෂණය භාවිතා කරමින් ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව ඇතුළු විශාල පිරිසකගේ ජීවිත සවිබල ගැන්වීමේ මෙම නැණසල” ව්‍යාපෘතිය ලෝකයේ සෙසු නායකයින්ටද ආදර්ශයක් බව මයික්‍රොසොෆ්ට් නිරිමාතෘ බිල්ගෙට්ස් මහතා ප්‍රකාශකර තිබුණි.

කෙස් වෙතත් නැණසල මධ්‍යස්ථාන වල යටිතලපහසුකම්  සවිබල ගැන්වීම සදහා මෙම තෑගි මුදල යොදවන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

 

 

Rate this item
(0 votes)