April 26, 2024

ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයට නව සාමාජිකයෙක්

සුප‍්‍රකට වෘත්තීය ඉංජිනේරුවරයෙක්වන දේශමාන්‍ය සාගර සේනාරත්න මහතා ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයට පත් කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම පත් කිරීම සිදු කර තිබේ.

දේශමාන්‍ය සාගර සේනාරත්න මහතා මේ වනවිටත් ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන අතර දෙස් විදෙස් ඉදි කිරීම් ආයතන කීපයක ද ප‍්‍රධාන නිලතල දරයි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකුවන ඔහු වෙනෝරා සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ද වේ.

Rate this item
(0 votes)