May 05, 2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ගමනාන්ත පුළුල් කරයි

December 05, 2014

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි දිගු පෙරදිග ගමනාන්ත වෙත මෙහෙයුම් ව්‍යාප්තකිරිමේ අරමුණින්ජපන් ගුවන් සමාගම(JAL) හා එක්ව දෙසැම්බර් මස 02 වැනිදාසිට ක්‍රියාත්මක වන පරිදි සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළඹ තිබේ.

මින් පෙර ගුවන් සමාගම මැලේෂියා එයාර්ලයින්ස් ,සයිබීරියා එයාර්ලයින්ස්(S7), රෝයල් ජොදානියන් ,ෆින් එයාර් සහ කොන්ටාස් ගුවන් සේවා හා එක්ව සංකේතහුවමාරු ගිවිසුම් සඳහා එළැඹ ඇත.

ගුවන් මගීන් සඳහා සුවපහසු සංචාරක පහසුකම් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකන්ගුවන් සමාගම නරීටා වෙත සතියකට ගුවන් ගමන් වාර 4ක් සිදුකරමින් ජපන් ගුවන්සමාගම හා එක්ව ඔසාකා සහ නගොයා වෙත ගුවන් මෙහෙයුම් සිදුකරයි.

තවදුරටත්බැංකොක් වෙත දිනකට ගුවන් ගමන් 2ක් ශ්‍රී ලංකන්සිදු කරන අතර JALහරහාබැංකොක් සිට ඉහත ගමනාන්ත වෙත පියාසර කිරීමට ගුවන් මගීන්ට හැකියාව ලැබේ.

එසේමශ්‍රී ලංකන්ගුවන් සමාගම ජපන් ගුවන් සමාගම හා එක්ව ටෝකියෝ සිට දකුණුකොරියාවේ සියොල් හා බූසාන් වෙත ගුවන් ගමන් සිදුකරනු ලැබේ. මේ අනුව ජපන්ගුවන් සමාගම ශ්‍රී ලංකන්හරහා කොළඹ සිට ටෝකියෝ ,බැංකොක් සහ මාලේ වෙත ගුවන්මෙහෙයුම් සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජනප්‍රිය නිවාඩු ගමනාන්තයක් වන මාලදිවයින වෙතගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් කොළඹ සිට සිදුකරමින් ගුවන් මගීන්ට පහසුගුවන් සම්බන්ධතා සිදුකිරීමටත් ජපන් ගුවන් සමාගම හා එක්ව සංකේත හුවමාරුගුවන් මාර්ග ඔස්සේ නව සංචාරක විසදුම් ලබාදීමටත් කටයුතු කරනු ඇත.

මෙම ගුවන් සමාගම් දෙකෙන් එකක ඕනෑම අවස්ථාවක සංචාරය කිරීමේ දී එක් ගුවන්ප්‍රවේශ පතක් තුළින්ගමනාන්ත රැසක් වෙත පියාසර කිරීමටත්ගමන් මලු පහසුකම්සහ නිරන්තර පියාසර මයිල්ස් උපයා ගැනීමේ අවස්ථා භුක්ති විදීමේ හැකියාවත්ගුවන් මගීන්ට හිමි වේ.

Rate this item
(0 votes)